
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කප්පම් ලබාගැනීමට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී තරුණයන් 11 දෙනකු පැහැරගෙන අතුරුදන්කිරීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ප්‍රකාරව මුදාහරින ලද හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න එම සිද්ධියෙන් මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට අභියාචනයක් යොමුකර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ හමුවේ පසුගියදා (17) දැනුම්දුන්නේය.
එම මුදාහැරීම නීතිපතිවරයා විසින් සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් නැවත සලකා බලන්නේ නම් වහාම ඉදිරි දින නීතිපති නියෝජනයක් මඟින් ඒ බව දැනුම්දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
දෙවැනි සැකකරු ලෙස නම් කර ඇති හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන අය මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයා වෙත අභියාචනයක් යොමුකර ඇති බව නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදුකළේය.
“මේ නඩුව විභාගයට යොමුකරලයි තිබෙන්නේ. ඔහු වගකීමෙන් මුදාහැර තිබෙන්නේ නීතිපතිවරයායි. මේ නඩුව විභාගයට තබා සිවුවන දිනයටත් කල්තබා තිබෙනවා. නැවත කිසිදු හේතුවක් වෙනුවෙන් දින දෙන්නේ නෑ. රජයේ නීතිඥවරයා වෙනුවෙන් නඩු විභාගය කල් තබාතිබෙනවා. නඩු විභාගය නැවත නැවත කල්තබන ලෙස ඉල්ලීම් කරන්න එපා. මේ සිද්ධියට සෑහෙන කාලයක් ගතව තිබෙනවා. වෙන කිසිම කාරණයකට නඩු විභාගය කල්තබන්නේ නැහැ.“ යැයි සඳහන් කරමින් නීතිපතිවරයාගෙන් උපදෙස් ගෙන නීතිපති නියෝජනයක් සමඟ පෙනීසිටින්නැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
දෙවැනි සැකකරු මුදාහැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම අල්ලස් කොමිසම වෙත ඉල්ලීමක් කර ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ අචලා සෙනෙවිරත්න අධිකරණය හමුවේ කියාසිටියාය.
මේ සැකකරු සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති බව නීතිඥවරිය අධිකරණයට වැඩිදුරටත් දන්වාසිටියාය.
විත්තිකරුවන් වෙනුවෙන් මේ සිද්ධියට අදාළ මුල් තොරතුරේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිය ද නොලැබුණු බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා සිටියහ.
එම දැනුම්දීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා නියෝග අවශ්‍ය නැති බවත් නියෝග ලබාදීමට පෙර සතියක් තුළ එම ලැබුණු තෙරතුරට අදාළ සහතික කළ පිටපතක් විත්තියට ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
මේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවකු වන හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන සැකකරුට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට පවරා ඇති නඩුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අතර ඔහු රැඳී සිටි පොල්වත්ත භාරව සිටි ලක්සිරි අමරසිංහ යන අය සහ හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අය විවෘත අධිකරණයේ පෙනීසිටියහ.
කප්පම් ගැනීමට තරුණයන් 11දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවක වරෙන්තුකරුවකුට රැකවරණය දීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු පවරා ඇත.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart