
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2024 අයවැය – තෙවැනි වර ආණ්ඩුවේ වැඩි ඡන්ද 41කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 41 කින් අද (දෙසැ 13) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
එහිදී, 2024 අයවැයට පක්ෂව මන්ත්‍රීවරුන් 122 ක් ද, විපක්ෂව 81 දෙනකු ද ඡන්දය ප්‍රකාශ කළ අතර, එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.
මීට පෙර නොවැම්බර් මාසයේදී 2024 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙවර එම වැඩි ඡන්ද සංඛ්‍යාව 04කින් අඩුවී ඇත.
2024 අයවැයට පක්ෂව 122ක් ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර ඊට විරුද්ධව මන්ත්‍රීවරුන් 77ක් ඡන්දය ප්‍රකාශ කළ අතර මන්ත්‍රීවරුන් 25ක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටියේ නැත.
2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත නොවැම්බර් 13 වැනි දින මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
රජය 2024 දී ශ්‍රී ලංකා රුපියල් ට්‍රිලියන 2.85ක් හෙවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.1%ක් වන මූල්‍ය හිඟය ඉලක්ක කර ඇති අතර, එය වත්මන් වසරේ සංශෝධිත දළ දේශීය නිෂ්පාදිතයේ 8.5%ට වඩා ඉහළ අගයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart