
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලිය යටතේ ලද අවසන් පරාජය, සත්කාරක ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අද පැවැත්වෙන තරගයේදී තම කණ්ඩායම සටනකට පෙළඹවීමට හේතුවක් වනුඇති බවට ශ්රී ලංකා ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් විශ්වාසය පළකරයි.
අද තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ වන්කඩේ ක්රීඩාංගණයේදීය.
මීට මාස එකහමාරකට පෙර අවසන් වරට ඉන්දියාව සහ ශ්රී ලංකාව ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී මුහුණට මුහුණ තරගවැදුණු අතර එහිදී ශ්රී ලංකාවට කඩුලු 10ක නින්දිත පරාජයක් හිමිවිය.
වන්කඩේ ක්රීඩාංගණයේ පැවැත්වෙන ලෝක කුසලාන කණ්ඩායම් ලීග් තරගයේදී දෙපිලම නැවතත් තරග වදින අතර, ශ්රී ලංකා ප්රධාන පුහුණුකරු ක්රිස් සිල්වර්වුඩ් විශ්වාස කරන්නේ ආසියානු කුසලාන අවසන් පරාජය තම කණ්ඩායම මෙවර සටනකට පොළඹවනු ඇති බවයි.
“ඉන්දියාව ඉතා හොඳ කණ්ඩායමක්, අපි දන්නවා, ඔවුන් මේ තරගාවලියේ මේ දක්වා සුපිරි තරග කිහිපයක් ක්රීඩා කරනවා අපි දැකලා තියෙනවා. නමුත් මම හිතන්නේ අපේ කොල්ලන්ටත් ඔවුන්ගේ දේ පෙන්වීමට එය හොඳ අවස්ථාවක්. ”යනුවෙන් සිල්වර්වුඩ් පවසයි.
ඉන්දියාව ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ශ්රී ලංකාව හත්වැනි ස්ථානයට පත්ව ඇති අතර අවසන් තරගයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලැබූ පරාජයත් සමඟ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුවද ගිලිහෙමින් තිබේ.
“එම ප්රතිඵලයෙන් පසු පෙර දින රාත්රියේ අප සියලු දෙනාම දැඩි කලකිරීමට පත්වුණා . ඒ ඇෆ්ගනිස්ථානයෙන් කිසිවක් පැහැර ගැනීමට නෙවෙයි. මම හිතුවේ ඔවුන් ඒ රාත්රියේ සුපිරි ක්රිකට් ඉනිමක් ක්රීඩා කර ඔවුන් ප්රගතිශීලී කණ්ඩායමක් බවත් ඔවුන් පරාජය කිරීමට ඉතා දක්ෂ බවත් පෙන්වූ බවයි, අපි පසුව විවේක කාමරයේදී ඉතා හොඳසාකච්ඡාවක් කළා, අපට ඇති බව හැඟුණු ගැටලු කිහිපයක් සාකච්ඡා කළා, අපි එය මෙහිදී දැන් ප්රායෝගිකව කිරීමට උත්සාහ කරනවා .”සිල්වර්වුඩ් පැවසීය.
2011 වසරේදීද ඉන්දියාවට එරෙහිව ශ්රී ලංකාව ලෝක කුසලාන අවසන් මහා තරගයට එක්වූ අතර එහිදී ඉන්දියාව කඩුලු 6ක ජයක් අත්කර ගත්තේය.
නමුත් සිල්වර්වුඩ් පිළිගත්තේ කණ්ඩායම එම සුවිශේෂී ක්රීඩාංගණයේ ක්රීඩා කිරීමට උනන්දු වන බවයි.
“කොල්ලන්ට ඉතිහාසය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. නිසැකවම, ඔවුන්ගේ කණ්ඩායමේ ඉතිහාසය සහ ඔවුන් ලබා ඇති ප්රතිඵල ගැන ක්රීඩකයින් කතා කරයි, ”ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart