
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නගරාධිපතිවරයා විසින් පවත්වන ලද පරීක්ෂණයක් අතරතුර සත්ව සුභසාධන සංගමයක් නියෝජනය කළ නීතිඥවරයකුට බාධා කළ බවට චෝදනා එල්ලවන කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ හැසිරීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.
එම සංගමයට අනුව, සිද්ධිය සිදුවන විට අදාළ නීතිඥවරයා සත්ව සුභසාධන සංගමයක් නියෝජනය කරමින් සිට තිබේ.
නගරාධිපතිවරයාගේ හැසිරීම නීතිඥවරයකුගේ වෘත්තීය ස්වාධීනත්වය සහ රාජකාරිවලට බරපතළ බාධාවක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් හඳුන්වයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සමාජ මාධ්‍යවල සංසරණය වන ශ්‍රව්‍ය පටිගත කිරීම් සහ මාධ්‍ය විසින් ගෙන යන වාර්තා ගැන ද සඳහන් කර තිබිණි.
එහි නගරාධිපතිවරයා ‘නිල නොවන මහේස්ත්‍රාත්වරයකු’ ලෙස ප්‍රකාශ කරන බවත් ඔහු අධිකරණ අධිකාරිය ක්‍රියාත්මක කරන බව ඇඟවුම් කරන බවත් කියැවේ.
එවැනි ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ වැරදි සංකල්පයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් අවධාරණය කරන ලදී.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් අදාළ නිවේදනය ඊයේ නිකුත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart