March 2, 2025

හොංකොං සහ ෂැංහයි බැංකුව තම ණය සහ හර කාඩ්පත් (credit and debit cards) හිමියන්ට දැනුම් දී ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද ඉලෙක්ට්‍රොනික අරමුදල් හුවමාරු කාඩ්පත් මාර්ගෝපදේශයන්ට අනුකූලව කාඩ්පත් භාවිත කළ යුතු බවයි.

ඒ අනුව ණය / හර කාඩ්පත්වලින් පහත සඳහන් ආකාරයේ ගනුදෙනු සිදුනොකළ යුතු බව මහබැංකුව සඳහන් කර ඇත.

a. විදේශ විනිමය ගනුදෙනු (විදේශ විනිමය වෙළඳාම);

b. අතථ්‍ය මුදල් ගනුදෙනුවලට අදාළ ගෙවීම්(virtual currency transactions);

c. ශ්‍රී ලංකාවෙන් පිටත ඔට්ටු ඇල්ලීම, ක්‍රීඩා කිරීම සහ සූදු ක්‍රියාකාරකම්වලට අදාළ ගෙවීම්;

d. වාණිජ අරමුණු සඳහා ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා ගෙවීම්;

ක්‍රෙඩිට් / හර කාඩ්පත්වලින් විදේශ විනිමය ගෙවීම් / මුදල් ආපසු ගැනීම් අත්හිටුවීමට සහ එම කාරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට යොමුකිරීමට වහාම පියවර ගැනීමේ අයිතිය තමන් සතු බව එහි සඳහන් වේ.