
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කටුනායක ගුවන්තොටුපළට පෙරේදා (14) අලුයම් කාලයේ පැමිණි ආණ්ඩුවේ තනතුරක් දරන දේශපාලකයකු ගුවන් මගීන්ගේ ගමන් මලු එහා මෙහා ගෙනයන සේවකයකුගේ (පෝටර්) කණට ගසා ආරක්ෂක නිලධාරින් කිහිපදෙනකුට බැන තර්ජනය කර ලොකු කලබලයක් කර පිටව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.
මෙම දේශපාලකයාගේ බිරිඳ ඇතුළු කිහිප දෙනකු විදෙස් සංචාරයකට යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පෙරේදා අලුයම් කාලයේ පැමිණ ඇතැයි කියයි.
රාජ්‍ය ඇමැතිවරයා ඔවුන් කටුනායක ගුවන් තොටුපොළට ඇරලවීම සඳහා සිය ආරක්ෂකයන් ද පිරිවරාගෙන පැමිණ ප්‍රවේශපත්‍ර මිලදී නොගෙන ප්‍රධාන දොරටුවෙන් ගුවන්තොටුපොළට ඇතුළුවීමට ගොස් ඇතැයි ගුවන් තොටුපළේ උසස් නිලධාරීහු කිහිපදෙනෙක් පැවැසූහ.
ආරක්ෂකයන් ගිනි අවිවලින් සන්නද්ධව සිටි නිසා ඒවා රැගෙන යෑමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් ඒම දේශපාලකයාට දැනුම් දී ඇතැයි කියති.
ඒම අවස්ථාවේ ගුවන්තොටුපොළ ආරක්ෂකයන්ට ද බැනවැදී ඇතැයි කියන මෙම දේශපාලකයා ඔහුගේ ගමන වැළැක්වූ බව කියන ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනාගේ ඡායාරූප ද සිය ජංගම දුරකථනයෙන් ලබාගෙන තිබෙන බව එම උසස් නිලධාරීහු කීහ.
ඔහු සමග පැමිණි අයගේ ගමන් මලු ගුවන් තොටුපොළට රැගෙන යෑම වෙනුවෙන් පෝටර්වරයාට අඩුවෙන් මුදල් ලබාදීම නිසා ඔහු නියමිත ගාස්තුව දේශපාලකයාගෙන් ඉල්ලා ඇතැයි ගුවන් තොටුපොළෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.
එයින් කුපිත වූ බව කියන දේශපාලකයා එම පෝටර්වරයාගේ කකුල සපත්තුවෙන් පාගා ඔහුගේ කණට වැරෙන් පහරක් ගසා ආරක්ෂකයන් සමග පිටව ගොස් ඇතැයි ද ගුවන් තොටුපොළ ආරංචි මාර්ග පැවැසීය.
පහරකෑමට ලක්වූ බව කියන පෝටර්වරයා දේශපාලනඥයාට ඇති බිය නිසා සහ අනවශ්‍ය කරදර ඇති වේ යැයි සිතා මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ගොස් නොමැති බව පැවැසේ.
දේශපාලකයාගේ මෙම ක්‍රියාව ගුවන්තොටුපොළ පුරා පැතිර යෑමට වැඩි වේලාවක් ගත නොවූ අතර මෙම සිද්ධිය මේ වනවිට ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇතැයි කියති.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart