
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සම්බන්ධයෙන් යූ ටියුබ් නාලිකාවක අපහාසාත්මක තොරතුරු ප්‍රසිද්ධ කිරීම සහ සන්නිවේදනය කිරීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අලුතින් පනවන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත යටතේ අද කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ 2024 අංක 09 දරන මාර්ගගත ආරක්ෂණ පනතේ 24 (1) සහ 24 (2) වගන්ති ප්‍රකාරව යුද හමුදාපතිවරයාට පක්ෂව කොන්දේසි සහිත නියෝගයක් නිකුත් කළ අතර එම නියෝගය V news-YouTube නාලිකාව සහ එහි හිමිකරු තුෂාර සාලිය රණවක යන වගඋත්තරකරුවන්ට දැනුම් දෙන ලෙසට නියෝග කළේය.
වගඋත්තරකරුවන් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් තමාට එරෙහිව ද්වේෂසහගත සහ අපහාසාත්මක වීඩියෝ අන්තර්ගතයන් සහ ප්‍රකාශ උඩුගත කර(Upload) ඇති බවට පෙත්සම්කරු චෝදනා කර ඇත.
පනතේ 24(6) වගන්තිය යටතේ කරුණු දක්වන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයන්ට නියෝග කරන ලදී.
පෙත්සම්කරු වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නූර්දීන් පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart