
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් සිව්දෙනෙකුට 2023 දෙසැම්බර් 30 හෝ ඊට පෙර දිවුරුම්ප්‍රකාශ මගින් වත්කම් බැරකම් ප්‍රකාශ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.
ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන වගඋත්තරකරුවන්ට වත්කම් බැරකම් ප්‍රකාශ කරන ලෙස දැනුම් දී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුන්නේ වගඋත්තරකාර පාර්ශ්වයන් සිව්දෙනා ගෙවිය යුතු සම්පූර්ණ වන්දි මුදල ගෙවීමට අපොහොසත් වීම සැළකිල්ලට ගනිමින්.
මීට අමතරව, විනිසුරු මඩුල්ල 2023 දෙසැම්බර් 30 දිනට පෙර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජයවර්ධනට එරෙහිව ගෙන ඇති විනය ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් වාර්තාවක් නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart