
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට සහ ඇගේ අවාමි ලීග පක්ෂයට හිතවත්කම් දැක්වූයේ යැයි චෝදනා කරමින් බංග්ලාදේශයේ රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙන්ම සිසුන්ට එරෙහිව අත්තනෝමතික ලෙස දඬුවම් පැමිණවීම තීව්ර වී ඇති බව ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය වන ‘හියුමන් රයිට්ස් වොච්’ (HRW) පෙන්වා දෙයි.
නිසි පරීක්ෂණයකින් තොරව සහ සාමකාමී දේශපාලන මතවාද දැරීම වෙනුවෙන් මෙලෙස පුද්ගලයන්ට දඬුවම් කිරීම ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතේ තහවුරු කර ඇති අදහස් ප්‍රකාශ කිරීමේ සහ සංවිධානය වීමේ අයිතිය පැහැදිලිවම උල්ලංඝනය කිරීමක් බව එම සංවිධානය අවධාරණය කරයි. විශ්වවිද්‍යාල තුළ දේශපාලන මතවාද පාලනය කිරීමට පෙර පැවැති පාලනයන් අනුගමනය කළ මර්දනකාරී අතීතය යළි මතක් කරදෙන සිදුවීමක් ලෙසද මෙය හඳුන්වා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හියුමන් රයිට්ස් වොච් හි ආසියානු කලාපීය නියෝජ්‍ය අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි සඳහන් කළේ, බංග්ලාදේශ සරසවි පද්ධතිය තුළ දීර්ඝ දේශපාලන සංවාද සංස්කෘතියක් පැවැති බවත්, ශිෂ්‍ය අරගලයකින් පසු බලයට පත් වූ රජයක් එවැනි මතවාදවලට බිය විය යුතු නැති බවත්ය. බලය හුවමාරු වන සෑම අවස්ථාවකම අතීතයේ සිදුවූ මර්දනයන් යළි පුනරාවර්තනය නොකර ඉදිරියට යාමට බංග්ලාදේශය කටයුතු කළ යුතු බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
2024 වසරේ ශිෂ්‍ය අරගලය හමුවේ හසීනාගේ රජය සිදුකළ ප්‍රචණ්ඩත්වයට වක්‍රව සහාය දැක්වීම, රාජ්‍ය විරෝධී ක්‍රියාවල නිරත වීම සහ ඉස්ලාමීය ඇඳුම් ඇඳි සිසුන්ට වෙනස්කම් කිරීම වැනි චෝදනා මත ආචාර්යවරුන් සේවයෙන් පහකිරීම්, වැඩතහනම් කිරීම් සහ ඉගැන්වීම් සීමාකිරීම්වලට ලක්කර ඇත. එසේම, අවාමි ලීගයට සම්බන්ධ බවට සැකකෙරෙන සිසුන් සිය ගණනක් සරසවිවලින් නෙරපා හරිමින් ඔවුන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි කර ඇති බවද වාර්තා වේ.
සමීක්ෂණ මගින් මෙම කරුණු තහවුරු කරගෙන ඇති හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන්නේ, සිසුන්ගේ විභාග සහතික අවලංගු කිරීම සහ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කිරීම වැනි පියවරයන්ද මීට ඇතුළත් වන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart