November 5, 2026

අතුරු මැතිවරණයෙන් තම රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රස් මණ්ඩලයේ බලය අහිමි වීමට ඉරාන යුද්ධය ද බලපෑ බව පිළිගන්නා අතරම, එම යුද්ධය සිදුකිරීම වටිනා තීරණයක් වූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.

මාධ්‍යවේදීන් ට්‍රම්ප්, “ඉරාන විෂයය සම්බන්ධයෙන් අපට යම් යම් පියවර ගැනීමට සිදු වූ අතර, අපි තවදුරටත් එය ක්‍රියාත්මක කරමින් සිටිනවා,” යනුවෙන් පැවසීය.

මධ්‍යවාර මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලැබීමට ප්‍රධාන වශයෙන් බලපෑවේ ඉන්ධන මිල ඉහළ යාම වන අතර, ඊට හේතු වූයේ මෙම ඉරාන යුද්ධයයි.

කෙසේ වෙතත්, ඉරානය න්‍යෂ්ටික ආයුධයක් අත්පත් කර ගැනීම වැළැක්වීම සඳහා මෙම යුද්ධයේ නිරත වීම වටිනා පියවරක් බව ට්‍රම්ප් අවධාරණය කළේය.

මේ අතර අමෙරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස් සමාජ මාධ්‍ය සටහනක් තබමින්, ලද පරාජය පිළිබඳ සඳහන් කරමින් “අපගේ පරාජයට හේතුව මෙම යුද්ධයයි” ලෙස ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ කිසිදු අකමැත්තක් නොමැති බවද ට්‍රම්ප් පැවසීය.

“එම යුද්ධය සම්බන්ධයෙන් ගත් කල, මම මීට වඩා වෙනස් කිසිවක් කරන්නේ නෑ,” යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, මෙවර මැතිවරණයේදී තමන්ද තරග කළේ නම්, “අප නියත වශයෙන්ම ජයග්‍රහණය කරනවා” යන්න තමන් තවමත් විශ්වාස කරන බව ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කළේය.

“නමුත් ජනතාව මට දැක්වූ ඒ ආදරය වෙනත් අපේක්ෂකයින් වෙත ලබා දීමට අපට නොහැකි වුණා. මගේ ජනරැලීවල තිබුණේ අදහන්නත් බැරි තරම් විශාල ජන ආදරයක්, නමුත් එය අනෙක් අපේක්ෂකයින් වෙත යොමු කරවීමට අපට හැකියාව ලැබුණේ නැහැ,” යනුවෙන් ඔහු පැවසීය.