
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැනඩාව විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කර ඇති ලැයිස්තුව නැවත සමාලෝචනය කිරීමට කටයුතු කරන ලෙසත්, චෙම්මනි සමූහ මිනීවලේ විමර්ශන සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ දැනුම ලබා දීමට මැදිහත් වන ලෙසත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් කැනඩාවේ කොන්සර්වේටිව් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔටාවා හි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති හමුවකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බව ‘Tamil Guardian’ පුවත්පත වාර්තා කරයි.
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීධරන්, පසුගිය ඔක්තෝබර් 27 වැනිදා කැනඩා කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් වන ෂුවලෝයි මජුම්දාර් සහ කොස්ටාස් මෙනෙගාකිස් මෙන්ම විපක්ෂ නායක කාර්යාලයේ නියෝජිතයෙකු හමුවී මෙම සාකච්ඡාව පවත්වා ඇත.
2006 වසරේ සාම ක්‍රියාවලිය පැවැති සමයේදී කැනඩාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් ලැයිස්තුවට ඇතුළත් කළ අතර, එමගින් සාකච්ඡාමය විසඳුමක් කරා යාමට තිබූ උත්සාහයන් අඩපණ වූ බව ඔහු පෙන්වා දුන්නේය. සන්නද්ධ ගැටුම් අවසන් වී වසර 17ක් ගතවී තිබුණද යළිත් කිසිදු සන්නද්ධ නැගී සිටීමක් සිදු නොවූ බවත්, ද්‍රවිඩ ජනතාවට තවමත් දේශපාලන විසඳුමක් ලැබී නොමැති බවත් මන්ත්‍රීවරයා පවසා ඇත. එමෙන්ම මෙම තහනම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම දුර්වල වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
මෙම සාකච්ඡාවට එක්වූ නියෝජිත පිරිස සඳහන් කළේ, අදාළ කරුණ සම්බන්ධයෙන් තම පක්ෂ නායකත්වය දැනුවත් කිරීමට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකඟ වූ බවයි.
මීට අමතරව, දැනට මිනිස් අස්ථි කොටස් 583ක් සොයාගෙන ඇති චෙම්මනි සමූහ මිනීවල පිළිබඳ විමර්ශන සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥ දැනුම සහ අවශ්‍ය උපකරණ ලබා දෙන ලෙසද ශ්‍රීධරන් කැනඩාවෙන් ඉල්ලා සිටියේය.
මෙම හමුවට පෙර, එනම් ඔක්තෝබර් 23 වන දින, ශ්‍රීධරන් ඇතුළු නියෝජිත පිරිස කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දු-පැසිෆික් කලාපය භාර සහකාර නියෝජ්‍ය අමාත්‍ය වෙල්ඩන් එප් ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවී සාකච්ඡා කර තිබිණි. එහිදී අතුරුදහන් කරවීම්, ඉඩම් අත්පත් කරගැනීම් සහ ද්‍රවිඩ ජනතාවට සාධාරණය ඉටු නොවීම පිළිබඳව ඔහු නිලධාරීන් දැනුවත් කළේය.
ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් චෙම්මනි සමූහ මිනීවල පිළිබඳ ස්වාධීන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ශ්‍රී ලංකා හමුදාව භාරයේ පවතින කේප්පාපිලවු හි අක්කර 171ක ඉඩම් ප්‍රමාණය සහ වලිගාමම් උතුරේ අක්කර 2.117ක ඉඩම් ප්‍රමාණය නැවත ලබා දීමට පියවර ගන්නා ලෙසත් මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart