
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශීය සිනමා කර්මාන්තය නව මඟකට යොමුකරමින් සහ ප්‍රේක්ෂකයන්ට උසස් සිනමා අත්දැකීමක් සමීප කරවීමේ අරමුණින් රට පුරා නව ප්‍රාදේශීය සිනමා ශාලා ඉදිකිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ වත්මන් රජයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ජාතික ප්‍රතිපත්තියට සමගාමීවය.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙම සිනමා ව්‍යාපෘතිය පිළිබඳ මූලික සාකච්ඡාව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැවගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට නියමිත සියලුම සිනමා ශාලා අතිනවීන ඩිජිටල් තාක්ෂණයෙන් (High-Tech) සමන්විත වන අතර, ප්‍රේක්ෂකයින්ට උපරිම සුවපහසුව සැලසෙන පරිදි ආසන 50ත් 100ත් අතර ධාරිතාවයකින් යුක්තව නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.
නව සිනමා ශාලා ඉදිකිරීම සහ පවතින සිනමා ශාලා නවීකරණය කිරීම සඳහා ව්‍යාපාරික කණ්ඩායම් කිහිපයක්ම මේ වන විටත් චිත්‍රපට සංස්ථාව සමඟ එකඟතාවලට පැමිණ තිබේ.
ඒ අනුව, නව සිනමා ශාලා ඉදිකරන ප්‍රදේශ වන්නේ, ගෝනවිල, පන්නල, පිටකෝට්ටේ, නාරම්මල සහ නිට්ටඹුව ය.
සිනමා ශාලා නවීකරණය කෙරෙන ප්‍රදේශ වන්නේ, හැටන්, මොනරාගල, ඇඹිලිපිටිය සහ නුගේගොඩ (මෙහිදී පවතින සිනමා ශාලා නව තාක්ෂණය යොදාගනිමින් සම්පූර්ණයෙන්ම උත්ශ්‍රේණි කිරීමට නියමිතය).
මීට අමතරව තවත් ප්‍රාදේශීය නගර රැසක නව සිනමා ශාලා ඉදිකිරීම සඳහා ඉදිරියේදී ආයෝජකයන් සම්බන්ධ කර ගැනීමට නියමිතය.
මෙම සුවිශේෂී සාකච්ඡාව සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී රුවන් ප්‍රේමවීර ඇතුළු නිලධාරීන් පිරිසක් සහ ප්‍රාදේශීය සිනමා ක්ෂේත්රයේ ආයෝජනයට කැමැත්ත පළකළ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 12 දෙනකු පමණ සහභාගී වී සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart