
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජා-ඇල දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවීමට ගිය දුම්රිය අනතුරක්, අසල සිටි පුද්ගලයකුගේ කඩිනම් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රී වැළකී ගොස් තිබේ.
ජා-ඇල සිට මිනුවන්ගොඩ දෙසට ගමන් කළ වෑන් රථයක රෝදයක් රේල් පීලි අතර සිරවීම නිසා දුම්රිය හරස් මාර්ගයේ නතර වී තිබිණි.
ඒ සමඟම, මීගමුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක් හරස් මාර්ගයට ළඟා වෙමින් පැවතිණි.
දුම්රිය හරස් මාර්ගය වැසී දුම්රිය වේගයෙන් ළඟා වන විට, එම ස්ථානයේ සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය දිගේ ඉදිරියට දිව ගොස් ඉදිරියෙන් පැමිණි දුම්රිය නතර කරන ලෙස සංඥා කළේය.
මේ නිසා දුම්රිය වෑන් රථයට අඩි පහක් පමණ දුරින් නතර කර ගැනීමට හැකිවීමෙන් බරපතළ අනතුරක් වැළකී ගියේය.
කිසිවකුට තුවාල සිදුවී නොමැති අතර, පසුව දුම්රිය බලධාරීන් වාහනය ඉවත් කර සාමාන්‍ය දුම්රිය සේවා යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart