
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රත්නපුර දිස්ත්රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත පද්මකුමාර ඇතුළු පිරිසක් පොලිස් නිලධාරියෙකුට තම රාජකාරිය අවසන් කර නිවසට යමින් සිටියදී පහර දුන් බවට එල්ල වූ චෝදනා මත ඇඹිලිපිටියේ කොලොන්න පොලිස් ස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සූරියකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා සෙනසුරාදා (20) රාත්රියේ සිදු වූ ප්රහාරයෙන් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
වාර්තාවලට අනුව, මෙම නිලධාරියා මෑතකදී මන්ත්රීවරයාගේ මාමණ්ඩියට අයත් ඉඩමක සූරියකන්ද පොලිසිය විසින් සිදු කරන ලද ගංජා වැටළීමකට සහභාගී වී ඇත.
මන්ත්රීවරයා සහ තවත් අය වාහනයකින් පැමිණ තමාට තර්ජනය කර පහර දුන් බව නිලධාරියා කියාසිටියි.
මේ සම්බන්ධයෙන් ඔහු කොළොන්න පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඇඹිලිපිටිය කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ පරීක්ෂණ සිදුවෙමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart