
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා සහ බෝට්ටු නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරන යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට තෙවැනි පාර්ශවයක් විසින් අනවසරයෙන් ප්රවේශවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
එම සැකකටයුතු පාර්ශවය විවිධ IP ලිපින 57ක් භාවිත කරමින් පද්ධතියට ප්‍රවේශ වී ඇති බවත්, එමඟින් සංවේදී මෙහෙයුම් දත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනාවරණ වී ඇති බවට බරපතල කනස්සල්ලක් මතු වී ඇති බවත් පොලිසිය පැවසීය.
රට තුළට මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන ධීවර යාත්‍රා නිරීක්ෂණය කිරීමේදී යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය තීරණාත්මක කාර්යභාරයක් ඉටුකරයි.
මෑත වසර කිහිපයේදී එම පද්ධතිය හරහා ලබාගත් තොරතුරු ඔස්සේ නාවික හමුදාවේ සහාය ඇතිව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට මෙරට මුහුදු සීමාවේදී විශාල මත්ද්‍රව්‍ය තොග කිහිපයක් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
බුද්ධි වාර්තාවලින් පෙනීගොස් ඇති පරිදි බලයලත් විමර්ශකයින් පමණක් නොව මත්ද්‍රව්‍ය ජාලවලට සම්බන්ධ පුද්ගලයන් ද යාත්‍රා නිරීක්ෂණ පද්ධතියේ දත්ත වෙත ප්‍රවේශ වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මූලික සොයාගැනීම්වලින් හෙළිව ඇත්තේ, සංවේදී තොරතුරු ලබා ගැනීම සඳහා විවිධ පාර්ශව වෙනම IP ලිපින 57ක් හරහා පද්ධතියට ඇතුලු වී ඇති බවයි.
මෙම සොයාගැනීම් මත ක්‍රියාකරමින්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේනගේ මඟ පෙන්වීම යටතේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart