
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුසියාවේ මොස්කව් නුවරදී සිදුවූ බෝම්බ පිපිරීමකින් රුසියානු හමුදාවේ න්‍යෂ්ටික ආරක්ෂක අංශ භාර ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව රුසියානු විමර්ශන කමිටුව පවසයි.
එම කමිටුව පැවසුවේ එලෙස පුපුරා ගොස් ඇත්තේ විදුලි ස්කූටරයක සවිකර තිබූ බෝම්බයක් බවයි.
රුසියානු හමුදාවේ විකිරණ, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් ඊගෝර් කිරිලොව් රියාසන්ස්කි ප්‍රොස්පෙක්ට් හි මහල් ගොඩනැගිල්ලක් ආසන්නයේදී එලෙස ඝාතනයට ලක්ව තිබේ.
“රුසියානු සමූහාණ්ඩුවේ ත්‍රිවිධ හමුදාවේ විකිරණ, රසායනික හා ජීව විද්‍යාත්මක ආරක්ෂණ බලකායේ ප්‍රධානියා වන ඊගෝර් කිරිලොව් සහ ඔහුගේ සහායකයා මරා දමා තිබෙනවා” යනුවෙන් විමර්ශන කමිටුව පැවසීය.
රුසියාවේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියකුට අනුව, පුපුරණ ද්‍රව්‍යයේ ‘ටීඑන්ටීවලට සමාන ද්‍රව්‍ය ග්‍රෑම් 300ක පමණ තිබී ඇත’ යනුවෙන් රුසියානු Tass ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.
සුන්බුන් සහිත ගොඩනැගිල්ලකට කඩාවැටුණු දොරටුවක් සහ රුධිරය තැවරුණු හිම අතර වැටී තිබූ සිරුරු දෙකක ඡායාරූප රුසියානු ටෙලිග්‍රෑම් නාලිකාව වාර්තා කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් අපරාධ නඩුවක් ආරම්භ කර ඇත.
ඊයේ දිනයේදී තම රටට එරෙහිව තහනම් රසායනික අවි භාවිත කළ බවට යුක්රේන නීතිපති කිරිලොව් චෝදනා එල්ල කළ බව යුක්රේනයේ ආරක්ෂක සේවය උපුටා දක්වමින් කිව් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කර තිබේ.
කෙසේවෙතත් රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart