
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට පෙරත්, මහමැතිවරණය 2025 අගෝස්තු මාසයට පෙරත් වශයෙන් පැවැත්විය යුතු වුවත්, ප්‍රථමයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව බොහෝදුරට ලබන වසරේ මුල් මාස හය තුළ දී මහමැතිවරණය පැවැත්වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී කිසිදු පක්ෂයකට මන්ත්‍රීධුර 113 ක බහුතර බලයක් ලබාගැනීමට නොහැකිවීම හරහා දුර්වල සන්ධාන ආණ්ඩුවක් බිහිවනු ඇති බවත්, ඉන් අනතුරුව පක්ෂ ගණනාවක සන්ධානයක් නිර්මාණය කරගෙන ජනාධිපතිවරණයට පිවිසිය හැකි බවත් ජනාධිපතිවරයාගේ තක්සේරුව වී ඇති බවත් දැනගන්නට ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart