
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රිකුණාමලය, කන්නියා උණුදිය ලිං පරිශ්‍රය ආශ්‍රිතව පිහිටි පුරාණ දාගැබ් වහන්සේගේ සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත පනවා තිබූ අතුරු වාරණ නියෝගය ඉවත් කිරීමට ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන් එම් එම් අබ්දුල්ලා නියෝග කර ඇත.
නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම වාරණ නියෝගය ඉවත් කර තිබේ.
එම පරිශ්‍රය ආසන්නයේ පිහිටි කෝවිලක අයිතිකාරියක වන රමණි ගනේෂ් නමැත්තිය විසින් අලුතින් දාගැබක් ඉදිකරන බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මීට පෙර මෙම අතුරු වාරණ නියෝගය නිකුත් කර තිබිණි.
නීතිපතිවරයා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ කලන කොතලාවල අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, පවතින දාගැබ සංරක්ෂණය කිරීම පමණක් සිදුකරන අවස්ථාවක එය අලුතින් කරනු ලබන ඉදිකිරීමක් ලෙස හැඳින්වීම අසාධාරණ බවයි.
පෙත්සම්කාරිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අතර 2021 වසරේදී ඇති කරගත් එකඟතාවයකට අනුව 2026 ජූලි මාසයේදී මෙම සංරක්ෂණ කටයුතු ආරම්භ කළ බවත්, පෙත්සම්කාරිය අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් මෙම අතුරු වාරණ නියෝගය ලබාගෙන ඇති බවත් රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේය.
අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍යද මේ වන විටත් අදාළ ස්ථානයට ගෙනැවිත් ඇති බවයි.
මෙම නඩුවේදී රජයේ නීතිඥ කොතලාවල පෙනී සිටියේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් සෙනරත් වික්‍රමසිංහ, සහකාර අධ්යක්ෂ සුරංග පෙරේරා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිත පරිපාලන නිලධාරී එන් තවබාලන් සහ නීති නිලධාරී ඉසුරු කොඩිතුවක්කු වෙනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart