
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පිලිපීනයේ මධ්‍යම නෙග්රෝස් දූපතේ කන්ලෝන් ගිනි කන්ද විදාරණය වීම හේතුවෙන් පිලිපීනයේ පුද්ගලයන් රැසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකෙරෙමින් ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
ගිනිකන්ද විදාරණය වී ඇත්තේ ඊයේ වන අතර ආපදා තත්ත්වය හමුවේ මේ වනවිට පුද්ගලයන් 87,000 ක් පමණ ඔවුන්ගේ නිවෙස්වලින් ඉවත් කර ඇතැයි වාර්තා වේ.
ගිනිකන්ද විදාරණය වීම හේතුවෙන් කිලෝමීටර් 03 ක් පමණ වන ආසන්න ප්‍රදේශයට එහි අළු සහ දුමාරය හේතුවෙන් බලපෑම් එල්ල වී ඇතැයි සඳහන් වේ.
ගිනිකන්ද විදාරණයෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැති බව බලධාරීහු පවසති.
එහෙත් ගිනිකන්දෙන් පිටවන දුම් රොටු හේතුවෙන් ඒ ආසන්න ගම්මාන කිහිපයකට අළු විසිරයෑම හේතුවෙන් බලධාරීන් පාසල් වසාදමා ඇති අතර, එම ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
එවැනි දුම් රොටු රියදුරන්ගේ දෘශ්‍ය හැකියාව වළක්වන අතර සෞඛ්‍ය ගැටළු ද ඇති කර ඇතැයි බලධාරීන් පවසයි.
ගිනිකන්දට ගිනිකොන දෙසින් පිහිටි කැන්ලෝන් නගරයේ නගරාධිපති ජෝස් චුබස්කෝ කාර්ඩෙනස් පැවසුවේ ගිනිකන්දේ විදාරණය කාලතුවක්කු පිපිරීමක් මෙන් ඇසුණු බවයි.
මීට පෙර ද ගිනිකන්දේ සුළු පිපිරීම් සිදුවී ඇති නමුත් මෙවර පිපිරීම ඉතා ඝෝෂාකාරී බව ඔහු පැවසුවේය.
ගිනිකන්දේ තවත් පිපිරීම් සිදුවෙතැයි අපේක්ෂාවෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
“අන්තරායකර ගිනිකඳු ක්‍රියාකාරකම්වල වැඩි අවදානමක්” හේතුවෙන් ආපදා ප්‍රතිචාර නිලධාරීන් කැන්ලෝන් අවට අවදානම් මට්ටම ඉහළ නැංවූ අතර ගිනි කන්දේ සිට කිලෝමීටර් 6 (සැතපුම් 3.7) පමණ ප්‍රදේශයක සිටින ගම්වැසියන් ඉවත් කරන ලෙස බලධාරී නියෝග කර ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
පිලිපීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරියට අනුව ගිනිකන්ද හේතුවෙන් අවම වශයෙන් අභ්‍යන්තර ගුවන් ගමන් හයක් සහ සිංගප්පූරුව බලා යන ගුවන් ගමනක් අවලංගු කිරීමට සිදුව තිබේ.
එමෙන්ම ඊයේ සහ අද කලාපයේ දේශීය ගුවන් ගමන් යානා දෙකක් හරවා යැවීමට පියවර ගෙන ඇත.
ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පැවසුවේ අවතැන් වූ ගම්වැසියන් විශාල සංඛ්‍යාවකට ආධාර සැපයීමට බලධාරීන් සූදානම් බවයි.
එම ආධාර අද සිට ආපදාවට ලක්ව සිටින පිරිස් වෙත යොමු කරන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart