
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අලි-මිනිස් ගැටුම තීව්ර වෙමින් පවතින බවත් ඒ ඔස්සේ වන අලි මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යමින් පවතින බවත්, වසරේ මේ දක්වා අලි මරණ 408 ක් වාර්තා වී ඇති බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
සන්ඩේ මෝර්නින් පුවත්පතට අදහස් දක්වමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ පැවසුවේ ප්‍රකාශිත සංඛ්‍යාලේඛන දෙසැම්බර් 19 වැනි දින දක්වා වන බවයි.
එම කාලය තුළ වන අ;ලි ප්‍රහාර හේතුවෙන් සිදු වූ පුද්ගල මරණ 149 ක් ද ලේඛනගත කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
කලාපීය වශයෙන්, අනුරාධපුරයෙන් වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 85 කි.
නැගෙනහිර ප්‍රදේශවලින් වන අලි මරණ 83ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව වියළි කලාපීය ප්‍රදේශවල අලි මිනිස් ගැටුමේ බරපතලකම පිළිබිඹු කරයි.
වෙඩි තැබීම් වැනි මිනිස් ක්‍රියාවන් නිසා සෘජුවම සිදුවන වන අලි මරණ අනුපාතය තීරණය කිරීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා තවමත් එකතු කරමින් පවතින බව ද රන්ජන් මාරසිංහ පැවසීය.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුවලට අනුව, ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයෙන් 65-70% ක් පමණ අලි ඇතුන් විසින් භාවිත කරනු ලබන හෝ සංචාරය කරනු ලබන අතර, එමඟින් රටේ විශාල කොටසක් අලි මිනිස් ගැටුම් පවතින කලාපවලට ඇතුළත් වේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කය, ඌව සහ දකුණු පළාතේ ඇතැම් ප්‍රදේශ ඇතුළුවැ අලි ඝනත්වය සහ මානව ආර්ථික ක්‍රියාකාරකම්, විශේෂයෙන් කෘෂිකර්මාන්තය මගින් මෙහෙයවනු ලබන ක්‍රියා හමුවේ අලි මිනිස් ගැටුම තවදුරටත් තීව්රවෙමින් පවතී.
එම ගැටලුව ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවන නමුත් ඉහළ යමින් පවතින වනාන්තර ආශ්රිත ඉඩම් ජනයා විසින් භාවිතය සහ කෘෂිකාර්මික කටයුතු සමග එම ගැටුම තීව්ර වී ඇත.
වනජීවී වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා නීතිමය රාමුව වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් සපයන ලද නමුත්, බලාත්මක කිරීමෙන් පමණක් තත්වය සම්පූර්ණයෙන්ම විසඳිය නොහැකි බව ද ඔහු පවසයි.
දිගුකාලීන විසඳුම් මගින් අලි-මිනිස් ගැටුම් අඩු කිරීම සහ සහජීවනය වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු අවධාරණය කරයි.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ශ්‍රමික සීමාවන්ට මුහුණදෙමින් සිටින බව පවසන රන්ජන් මාරසිංහ පෙන්වාදෙන්නේ, දෙපාර්තමේන්තුවේ දැනට වනජීවී නීති ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් ක්ෂේත්‍ර නිලධාරීන් 883ක් පමණක් සිටින බවයි.
ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ බලකාය පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 3,000ක් පමණ නීතිය ක්‍රියාත්මක කිරීම සහ අලි විදුලි වැට නඩත්තුව සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහාය වෙමින් සිටින බව ද ඔහු පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart