
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අධික කළු දුමාරයක් නිකුත් කරන වාහන සම්බන්ධයෙන් වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලට පැමිණිලි කිරීමට ජනතාවට පහසුකම් සලසා ඇත.
ඒ අනුව, 0703500525 යන WhatsApp අංකය හරහා මහජන පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
කළු දුමාරයක් නිකුත් කරන වාහනය සහ එය ගමන් කළ ස්ථානය පැහැදිලිව පෙන්වන ඡායාරූපයක් පැමිණිල්ලේ ඇතුළත් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල සඳහන් කරයි.
අරමුදලේ නියාමන ඒකකය මඟින් වාහනය හඳුනාගැනීම සඳහා පරීක්ෂණ පවත්වනු ලබන අතර, එය අලුත්වැඩියා කිරීමට මාසයක කාලයක් ලබාදෙනු ඇතැයි එහි සඳහන් වේ.
මෙම කාලසීමාව තුළ වාහනය අලුත්වැඩියා නොකළහොත් එහි ආදායම් බලපත්‍රය අසාදු ලේඛනගත කරන බවද අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත.
විමෝචන පරීක්‍ෂණ මධ්‍යස්ථාන සහ ජංගම මධ්‍යස්ථානවල සේවාවන් නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේ නම් ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව එම අරමුදල පවසයි.
ඒ අනුව 0703500525 අංකයට WhatsApp හරහා හෝ 0112669915 ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.
මෙරට ඇති වාහනවලින් සියයට 30ක් කළු දුමාරයක් නිකුත් කරන බව හෙළි වූ බව එම අරමුදල සඳහන් කරයි.
වාහනවලින් නිකුත් වන කළු දුමාරයේ ඇති විෂ වායු පිළිකා සහ ශ්වසන රෝග ඇති කිරීමට හේතුවිය හැකි බව සෞඛ්‍ය අංශ අනාවරණය කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart