
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2024, 2025 සහ 2026 යන වසරවලදී ක්රීඩා සමාජ සංවර්ධනය වෙනුවෙන් වෙන්කර ඇති බවට වාර්තා වී ඇති සමස්ත අරමුදල්වලින් අඩකට වඩා වැඩි ප්රමාණයක් ‘ජිම්කානා’ ක්රීඩා සමාජය වෙත ලබාදී ඇති බවට ගෙවීම් වාර්තා මගින් හෙළිවීමත් සමඟ, ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ (SLC) යටිතල පහසුකම් වියදම් පිළිබඳව දැඩි අවධානයක් යොමුව තිබේ.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය සිදුකර ඇති ගෙවීම් ලේඛනයකට අනුව, කොළඹ ක්රිකට් සමාජ (CCC) ක්රීඩාංගණය පාලනය කරන අදාළ ක්රීඩා සමාජය වෙත විවිධ සංවර්ධන ව්යාපෘති වෙනුවෙන් රුපියල් මිලියන 365.7 කට ආසන්න මුදලක් ලබාදී ඇත. එම වසර තුන සඳහා වාර්තා කර ඇති සමස්ත ගෙවීම් ප්රමාණය රුපියල් මිලියන 723.4 ක් පමණ වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ (RTI) පනත යටතේ කොළඹ කෝල්ට්ස් ක්රිකට් සමාජය විසින් මෙම තොරතුරු ලබාගෙන තිබේ. ඔවුන් 2020 සිට 2026 දක්වා කාල සීමාවට අදාළ තොරතුරු ඉල්ලා සිටියද, ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ලබාදී ඇත්තේ 2023 සිට ඉදිරියට අදාළ දත්ත පමණි. ඉතිරි කාලසීමාව සඳහා දත්ත රැස්කරමින් පවතින බවද එම ආයතනය සඳහන් කර ඇත.
මෙම සංඛ්යාලේඛනවලට අනුව යටිතල පහසුකම් සඳහා වෙන්කළ මුදලින් සියයට 50.6 ක්ම එකම ක්රීඩා සමාජයක් වෙත ගොස් ඇති අතර, ඉතිරි මුදල අන් සියලුම ක්රීඩා සමාජ සහ ක්රිකට් සංගම් අතර බෙදී ගොස් තිබේ. CCC ක්රීඩාංගණයේ ජලාපවහන පද්ධතිය සැකසීම, ආලෝක පද්ධති සවිකිරීම, ක්රීඩකයින්ගේ ඇඳුම් මාරුකරන කාමර ප්රතිසංස්කරණය, මාධ්ය ගොඩනැගිල්ල නවීකරණය සහ සමාජ ශාලා සංවර්ධනය වැනි ව්යාපෘති කිහිපයක් සඳහා ජිම්කානා සමාජය වෙත මෙසේ මුදල් ලැබී ඇත.
2024 සහ 2025 වසර සඳහා සඳහන් කර ඇති විශාලතම ගෙවීම් අතරට; සමාජ ශාලා නවීකරණය සඳහා අතිරේක අරමුදල් ලෙස රුපියල් මිලියන 79.21 ක්, පිරිමි වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඇඳුම් මාරුකරන කාමර ප්රතිසංස්කරණයට රුපියල් මිලියන 37.53 ක්, ජලාපවහන සංවර්ධනය සඳහා අවස්ථා දෙකකදී රුපියල් මිලියන 32 ක් සහ රුපියල් මිලියන 25 ක් බැගින් වූ ගෙවීම් ඇතුළත් වේ. මීට අමතරව ආලෝක පද්ධති ව්යාපෘතිය සඳහා අත්පිට මුදලක් ලෙස රුපියල් මිලියන 22.42 ක් ගෙවා තිබේ.
මෙම වියදම් කිරීම් 2026 වසර දක්වාම සිදුව ඇත. අදාළ ගෙවීම් ලේඛනයට අනුව, CCC ක්රීඩාංගණයේ ආලෝක පද්ධති ව්යාපෘතියේ ගෙවීම්ද ඇතුළුව ජිම්කානා සමාජය වෙත තවත් රුපියල් මිලියන 122.19 ක මුදලක් වෙන්කර ඇත. ප්රධාන ක්රීඩාංගණයකට විශාල වශයෙන් මුදල් වැය කිරීම සාධාරණීකරණය කිරීමට පැහැදිලි හේතු තිබිය හැකි වුවද, මෙලෙස වෙන්කළ මුදලින් විශාල පංගුවක් එකම ක්රීඩා සමාජයකට ලැබුණේ මන්දැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් පැහැදිලි කළ යුතුව තිබේ.
(The Sunday Times)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart