
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මැලේරියා හෝ වෙනත් රෝගී තත්ත්වයන් මෙන් නොව, සමේ පිළිකා සඳහා අත්හදා බලන ලද පුද්ගලීකරණය කළ mRNA එන්නතක් සහ ප්රතිශක්තිකරණ ඖෂධයක් එකතු වීමෙන් පිළිකාව යළි ඇතිවීමේ හෝ මරණයේ අවදානම 42% කින් පහළ ගොස් ඇති බව නවතම පර්යේෂණ ප්රතිඵල පෙන්වා දෙයි.
එංගලන්තයේ ඇඩෙන්බෲක්ස් රෝහලේ පැවැත්වුණු මෙම සායනික අත්හදා බැලීමට සහභාගී වූ උතුරු නෝර්ත්හැම්ප්ටන්ෂයර් හි පදිංචි 75 හැවිරිදි ටෝනි චැප්මන් නම් අයෙකු පවසන්නේ මෙම සොයාගැනීම ඉතා විප්ලවීය එකක් බවයි.
2019 වසරේදී තෙවන අදියරේ මෙලනෝමා (සමේ පිළිකා) රෝගය වැළඳී ඇති බවට හඳුනාගැනීමෙන් පසු ඔහුගේ පපුවෙන් ගැටිතත්ක් ඉවත් කරන ලදී. ඉන් වසර හතරකට පසු, කිහිල්ල යට හටගත් ගෙඩියක් හේතුවෙන් වසා ගැටිති ඉවත් කිරීම සඳහා ඔහුට තවත් ශල්යකර්මයකට මුහුණ දීමට සිදු විය.
අධි අවදානම් සහිත මෙලනෝමා රෝගීන් 1,000කට අධික සංඛ්යාවක් සහභාගී වූ ජාත්යන්තර තෙවන අදියරේ සායනික අත්හදා බැලීමක් සඳහා ටෝනි චැප්මන් ද දායක විය. මෙහිදී ‘Intismeran’ නම් පුද්ගලීකරණය කළ mRNA එන්නත, Keytruda)නම් ප්රතිශක්තිකරණ ඖෂධය සමඟ ඒකාබද්ධව අත්හදා බලන ලදී.
මෙම ප්රතිකාර සංයෝජනය මගින්, කීට්රඩා ඖෂධය පමණක් ලබා දීම සමඟ සසඳන විට, වසර දෙකක කාලයක් තුළ මෙලනෝමා පිළිකාව ශරීරය පුරා පැතිරීමේ අවදානම 38% කින් අඩු කර ඇති බව පරීක්ෂණයේදී අනාවරණය විය.
ඇඩෙන්බෲක්ස් රෝහලේ උපදේශක වෛද්ය ඔන්කොලොජිස්ට්වරියක සහ එහි ප්රධාන පර්යේෂිකාවක වන පිපා කොරී පවසන පරිදි, මෙම එන්නත සකස් කර ඇත්තේ ශල්යකර්මයකින් පසු ශරීරයේ ඉතිරි විය හැකි පිළිකා සෛල ඉලක්ක කර ගැනීම සඳහා රෝගියාගේ පිළිකාවේ ජාන අනුක්රමණය භාවිතා කරමිනි.
කෙසේ වෙතත්, මෙම සොයාගැනීම් තවමත් විද්යාත්මකව සමාලෝචනය කර නැති අතර, මෙම ප්රතිකාරය බ්රිතාන්යයේ ජාතික සෞඛ්ය සේවය හරහා ලබා දීමට පෙර නියාමන අනුමැතිය ලබා ගැනීම අත්යවශ්ය වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart