
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ගෝලීය කුසගිනි දර්ශකයේ (Global Hunger Index – GHI) දත්ත ලබා ගත හැකි දකුණු ආසියානු රටවල් අතරින් ශ්රී ලංකාව අවම කුසගිනි දර්ශක අගය වාර්තා කර තිබේ.
ඔක්තෝබර් 14 වැනි දින නිකුත් කරන ලද වාර්තාවට අනුව, ශ්රී ලංකාව 10.2ක අගයක් වාර්තා කර ඇති අතර, ඒ අනුව ගෝලීය වශයෙන් ඇගයීමට ලක් කළ රටවල් 122ක් අතරින් ශ්රී ලංකාව 53 වැනි ස්ථානයට පත්ව ඇත.
දකුණු ආසියාතික රටවල් අතරින් දෙවැනි අඩුම අගය වන 14.5 ක් නේපාලය විසින් වාර්තා කර ඇති අතර, බංග්ලාදේශය 19.2 ක්ද, ඉන්දියාව 24.1 ක්ද, පාකිස්ථානය 25.5 ක්ද සහ ඇෆ්ගනිස්ථානය 28.6 ක්ද වශයෙන් පිළිවෙලින් අගයන් වාර්තා කර තිබේ. ප්රමාණවත් දත්ත නොමැතිකම හේතුවෙන් භූතානය සහ මාලදිවයින සඳහා මෙම වාර්තාවෙන් ශ්රේණිගත කිරීම් ලබාදී නොමැත.
ශ්රී ලංකාවේ කුසගින්න දර්ශක අගය 2000 වසරේ පැවැති 22.1 සිට 2006 දී 19.9 දක්වාද, 2012 දී 20.8 දක්වාද, 2018 දී 11.4 දක්වාද සහ 2026 වසර වන විට 10.2 දක්වාද ක්රමයෙන් පහළ බැස ඇත.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ වුවද ශ්රී ලංකාව තවමත් පසුවන්නේ ‘මධ්යස්ථ කුසගින්න’ කාණ්ඩයේ වන අතර, ඉන් පෙන්නුම් කරන්නේ මෙරට ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ අභියෝග තවදුරටත් පවතින බවයි.
මෙම වාර්තාවට අනුව ශ්රී ලංකාවේ ජනගහනයෙන් 4.9% ක් මන්දපෝෂණයෙන් පෙළෙන අතර, වයස අවුරුදු පහට අඩු ළමුන් අතරින් 10.1% ක් මිටිවීමේ තත්ත්වයෙන් සහ 9.3% ක් කෘෂවීමේ තත්ත්වයෙන් පෙළෙති. එසේම, වයස අවුරුදු පහට අඩු ළමා මරණ අනුපාතිකය 0.6% ක් ලෙස සටහන් වේ.
ගෝලීය කුසගින්න දර්ශකය මැන බැලීම සඳහා මන්දපෝෂණය, ළමුන් මිටිවීම, ළමුන් කෘෂවීම සහ ළමා මරණ අනුපාතිකය යන සාධක හතර පදනම් කරගනු ලබයි. මෙහිදී අඩු අගයක් ලැබීමෙන් පෙන්නුම් කරන්නේ කුසගින්න අවම මට්ටමක පවතින බවයි.
වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ ලබා තිබූ ප්රගතියෙන් පසුව, පවතින සන්නද්ධ ගැටුම්, කාලගුණික විපර්යාස සහ ආර්ථික අර්බුද හේතුවෙන් ගෝලීය වශයෙන් කුසගින්න නැවතත් ඉහළ යාමට පටන්ගෙන ඇති බව 2026 වාර්තාව මගින් වැඩිදුරටත් අනතුරු අඟවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart