
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 48ක් මේ වන විට සක්රියව පවතින බවත් තවත් කණ්ඩායම් 48ක් අක්රිය වී ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල පවසයි.
සක්රිය හා අක්රිය සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් හි සාමාජිකයන් එක්දහස් ගණනක් හඳුනාගෙන ඇති බැවින් ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කිරීමේ අරමුණින් යුතුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.
ජනතා ද්රෝහී, මර්දන නීතිරීති අනුමත කිරීමට මෙම පාර්ලිමේන්තුව සූදානම් නොමැති බැවින් මෙම පනත හරහා කිසිදු ප්රජාතන්ත්රවාදී කටයුත්තක් අඩපණ නොකරන බවද ඇමැතිවරයා පැවසීය.
මෙවැනි අණ පනත් හඳුන්වා නොදුන්නොත් අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් අධිකරණ ක්රියාමාර්ගවලින් පසුව නිදහස් වී නැවතත් අපරාධවල යෙදෙන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ නාවික හමුදාව ගොඩබිමින් සොයා ගත් විශාලතම මත්ද්රව්ය තොගය පරික්ෂා කිරීමට පෙරේදා (24) මාතර තලල්ල වෙරළට පැමිණි අවස්ථාවේදීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart