
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හි පාසලක දිවා ආහාර විවේක අතරතුර සම වයසේ ශිෂ්‍යයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවුරුදු 15ක නව යොවුන් වියේ පසුවන පිරිමි දරුවකුට එරට අධිකරණයක් මගින් ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම වසර මුලදී වාර්තා වූ එම සිදුවීමේදී පාසල් දිවා ආහාර විවේකය අතරතුර චූදිත සිසුවා විසින් වින්දිතයාට පිහි ප්‍රහාරයක් එල්ල කර තිබිණි.
අනතුරුව හදිසි සේවා මගින් ප්‍රහාරයට ලක්වූ සිසුවා රෝහල්ගත කර තිබූ නමුත් පසුව ඔහු තුවාල හේතුවෙන් මියගියේය.
චුදිතයා පාසලට පිහියක් ගෙන ඒම සමඟ ප්‍රහාරය කලින් සැලසුම් කළ එකක් බව නඩු පවරන්නන් අධිකරණයට පැවසීය.
විනිසුරුවරයා මෙම ක්‍රියාව විස්තර කළේ පවුල් දෙකක් විනාශ කළ සහ ප්‍රාදේශීය ප්‍රජාව කම්පනයට පත් කළ ප්රචණ්ඩ ක්‍රියාවක් ලෙසයි.
ෂෙෆීල්ඩ් උසාවියේ පැවති නඩු විභාගයකින් පසු චෝදනාවට ලක්වූ සිසුවා මිනීමැරුමකට වරදකරු කර තිබේ.
පහරදීම අනෙකුත් සිසුන් ඉදිරියේ සිදුකළ බවට අධිකරණයේදී සාක්ෂි ඉදිරිපත් කර තිබූ අතර ඒවා ඇසීමෙන් බොහෝදෙනකු කම්පනයට පත්විය.
දඬුවම් නියම කිරීමේදී විනිසුරුවරයා පැවසුවේ එක්සත් රාජධානියේ තරුණයන් අතර තියුණු ආයුධ භාවිතයෙන් සිදුකෙරෙන ප්රචණ්ඩත්වය වැළැක්වීමේ කිරීමේ හදිසි අවශ්‍යතාවය මෙම අපරාධය මගින් ඉස්මතු කර ඇති බවයි.
ඒ සමග පොලිසිය සහ අධ්‍යාපන බලධාරීන් කලාපය පුරා පාසල්වල ආරක්ෂක පියවර සහ දැනුවත් කිරීමේ වැඩසටහන් දැඩි කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart