
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ෆ්ලොරිඩා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් පෞද්ගලික කුඩා ගුවන් යානයක සිටි පුද්ගලයන් 11 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ඇමරිකානු ගුවන් හමුදා සංචිත බලකා කණ්ඩායමක් සමත් වී තිබේ.
මෙම බේරාගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ එක් ගුවන් යානයක අණදෙන නිලධාරිනී, ගුවන් හමුදා මේජර් එලිසබෙත් පියෝවටි ජනමාධ්‍ය හමුවකදී පැවසුවේ, “ඒ සියලුම දෙනා දිවි ගලවා ගැනීම ඇත්තටම ප්රාතිහාර්යයක්” යනුවෙනි.
බහමාස් සිට පුද්ගලයින් 11 දෙනෙකු සමඟ පියාසර කරමින් තිබූ එන්ජින් දෙකකින් යුත් මෙම ටර්බෝප්‍රොප් ගුවන් යානය, ෆ්ලොරිඩාවේ මෙල්බර්න් සිට සැතපුම් 80ක් පමණ දුරින් අත්ලාන්තික් සාගරයට කඩා වැටී ඇති අතර, එහිදී ක්‍රියාත්මක වූ හදිසි ස්ථානගත කිරීමේ සංඥාව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය වෙත ලැබී තිබුණි.
එම බලකායට අනුව, සෙවීම් කටයුතු ආරම්භ කරන විට, සටන් බිමේ සෙවීම් සහ බේරාගැනීම් සඳහාම විශේෂයෙන් සැලසුම් කරන ලද HC-130J Combat King II වර්ගයේ ගුවන් යානය පුහුණු මෙහෙයුමක් සඳහා ගුවනේ රැඳී සිටි අතර එහි කාර්ය මණ්ඩලය වහාම මෙම මෙහෙයුමට එක්ව තිබේ.
ගුවන් හමුදා මේජර්වරිය පැවසුවේ දරුණු ගිගුරුම් සහිත වැස්සක් ළඟා වෙමින් පවතින අවස්ථාවක තම කණ්ඩායම විසින් අනතුරට පත් පිරිස මුහුදේ පාවෙමින් සිටි අයුරු නිරීක්ෂණය කළ බවයි.
ගලවාගැනීමේ කණ්ඩායම් පැමිණෙන තෙක් දිවි ගලවා ගත් අයට ප්‍රයෝජනය සඳහා ආහාර, ජලය සහ අතිරේක පාවෙන උපකරණ අඩංගු පාර්සලයක් පහළට හෙළූ බව ද ඇය පැවසුවාය.
”ඒ වන විට දිවි ගලවා ගත් අය පැය පහක් පමණ ගත කර තිබූ අතර, ඔවුන් දෙස බැලූ බැල්මටම භෞතිකව, මානසිකව සහ ආවේගාත්මකව දැඩි පීඩනයකට ලක්ව සිටි බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණා” යැයි එම බේරාගැනීමේ මෙහෙයුමට එක්වූ ගුවන් හමුදා කැප්ටන් රෝරි වයිපල් මාධ්‍ය හමුවේදී සිහිපත් කළේය.
මෙල්බර්න් අසල කඳවුරක පිහිටි ගුවන් හමුදා සංචිතයේ 920 වැනි බේරාගැනීමේ බලඇණියෙන් එවූ හෙලිකොප්ටර් යානයක කාර්ය මණ්ඩලය විසින් අවසානයේ දිවි ගලවා ගත් අයව ආරක්ෂිතව ඉහළට ගෙන තිබූ අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔවුන්ව මෙල්බර්න් ඔර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන යන ලදී.
වයිපල් පැවසුවේ කාර්ය මණ්ඩලය විසින් වාර නවයකදී දිවි ගලවා ගත් 11 දෙනාම හෙලිකොප්ටරය තුළට ගැනීමට සමත් වූ බවයි.
ගුවනේදී නැවත ඉන්ධන පිරවීමට හෝ වහාම ගොඩබෑමට සිදුවන මට්ටමට පත්වීමට හරියටම මිනිත්තු පහක ඉන්ධන ඉතිරිව තිබියදී ඔවුන් මෙම බේරාගැනීමේ මෙහෙයුම අවසන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart