
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි සෆාරි වර්ල්ඩ් සත්වෝද්‍යානයේ සත්වෝද්‍යාන පාලකයකු සිංහයන් රංචුවක් විසින් මරාදමා තිබේ.
විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, සත්වෝද්‍යානය නැරඹීමට පැමිණ සිටි පිරිස් භීතියට පත්කරමින් ඔවුන් ඉදිරියේම සිංහයින් රංචුව අදාළ පුද්ගලයා පණපිටින්සිංහයන් ගෙන ඇති බවයි.
සිංහයන් ඔහුව බිම හෙළා දත්වලින් ඉරාදමන අයුරුත් බලා සිටි පිරිස් බියට පත්ව කෑ ගැසූහ.
මෙම සිද්ධියෙන් අනතුරුව සෆාරි උද්‍යානයේ සිංහ හිමිකාරිත්වයේ ආරක්ෂාව සහ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න මතුව තිබේ.
සෆාරි වර්ල්ඩ් යනු ආසියාවේ විශාලතම එළිමහන් සත්වෝද්‍යානවලින් එකක් ලෙස හඳුන්වන අතර, එක් පුද්ගලයකුට ඩොලර් 37 ක පමණ මුදලක් ලබාදුන් විට සිංහයන් සහ කොටින්ට ආහාර ලබාදීමේ චාරිකා පිරිනමයි.
“මියගිය පුද්ගලයා සාමාන්‍යයෙන් සිංහයන් පෝෂණය කළ සත්වෝද්‍යාන කාර්ය මණ්ඩල සාමාජිකයෙක්” යැයි ජාතික වනෝද්‍යාන, වනජීවී හා ශාක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවී ආරක්ෂණ අධ්යක්ෂ Sadudee Punpugdee විදෙස් ජනමාධ්‍ය වෙත පැවසීය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ 58 හැවිරිදි වියේ පසුවූ ජියෑන් රංඛරසාමි නමැත්තෙකි.
ඔහු වසර 20ක පමණ කාලයක සිට එම සත්වෝද්‍යානයේ සේවය කරන බව පැවසේ.
එම පුද්ගලයා ආරක්ෂක රෙගුලාසි උල්ලංඝණය කරමින් සිය සෆාරි ජීප් රථයෙන් සිංහ කොටුව තුළට ඇතුළු වී ඇති අතර, එහිදී සිංහයන් රංචුවක් පැමිණ ඔහුට පහර දී බිමට ඇද දමා ඇතැයි පැවසේ.
සිංහයන් විනාඩි 15ක් පමණ එම පුද්ගලයාට පහර දුන් අතර තවත් ආරක්ෂකයෙකු ඔහු වෙත ළඟා වී ඔහුව ආරක්ෂිත ස්ථානයකට ඇදගෙන යාමට සමත් වී තිබිණි.
අනතුරුව එම පුද්ගලයා වහා රෝහල් ගත කර ඇති අතර එහිදී ඔහු මිය ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart