November 11, 2026

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ 2026 වසරේ ලොව හොඳම මලල ක්‍රීඩකයා තේරීමේ ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

අන්තර්ජාතික තලයේ අතිවිශිෂ්ට දක්ෂතා දැක්වූ තරග වාරයකින් පසුව, ලෝක මලල ක්‍රීඩා සංගමයේ මෙම කීර්තිමත් සම්මානය සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයන් 10 දෙනා අතරට රුමේෂ් තරංග පතිරගේ ද මෙලෙස ඇතුළත්ව ඇත.

ඔහු ආසියානු ක්‍රීඩා උළෙලේදී සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනාගත් අතර, ඩයමන්ඩ් ලීග් ශූරතාවය සහ ලෝක මලල ක්‍රීඩා Ultimate ශූරතාවය ද දිනාගනිමින් 2026 වසරේදී කැපීපෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය.

රෝමයේ පැවැති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62 ක දුරක් හෙල්ල විසිකරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් පිහිටුවීමට ද රුමේෂ් තරංග පතිරගේ සමත් වූ අතර, ඒ අනුව ඔහු ඉතිහාසයේ දෙවැනි හොඳම ආසියානු හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවට පත්විය.