November 10, 2026

ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීම සහ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් යළි ක්‍රියාත්මක කෙරෙන සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) පළමු තොග අලෙවි මධ්‍යස්ථානය හෙට (11) මාතරදී විවෘත කිරීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය හෙට පෙරවරු 9.00ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ සඳහා විෂය භාර අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු අමාත්‍යාංශයේ ප්‍රධාන ආරාධිතයන් සහ සමූපකාර සංවර්ධන ක්ෂේත්‍රයේ නිලධාරීන් සහභාගී වීමට නියමිත ය.

අදාළ උත්සවය මාතර, අංක 31 දරන ස්ථානයේදී පැවැත්වීමට නියමිතය.