
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත අනුරාධපුර පූජා භූමි සැලැස්මට විරෝධය පළකරමින් බළන්ගොඩ කස්සප භික්ෂුව ඇතුළු භික්ෂූන් සහ සිවිල් පුද්ගලයන් කිහිපදෙනකු ඉකුත් (07) වැනි දින ආරම්භ කළ සත්‍යග්‍රහය අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් අත්අඩංගුවට ගත් සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා හෙරොයින් සහ ගංජා පානය කර සිටි බව වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
සත්‍යග්‍රහයට සහය පළකරමින් සිටි පුද්ගලයකු බාහිර පුද්ගලයකු සමඟ ආරවුලක් ඇති කර ගනිමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ සාමය කඩවන පරිදි හැසිරීමේදී, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සත්‍යග්‍රහයේ සිටි මෙම සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පා, පහරදී තුවාල සිදුකර රාජකාරියට බාධාකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බලදුර රංගිරිලාගේ ප්‍රසාද් සුසන්ත නමැති මල්වැව, රත්නපුර ලිපිනයේ පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි.
මෙම පහරදීම හේතුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක පී. ඩබ්. එන්. විතාන (වයස අවු. 48) සහ පොලිස් කොස්තාපල් සෙනෙවිරත්න (107320) (වයස අවු. 23) යන නිලධාරීන්ට තුවාල සිදුවී ඇති අතර, ඔවුන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 11 හි ප්‍රතිකාර ලබන බව මූලස්ථාන පොලීසිය සඳහන් කළේය.
සැකකාර හක්ගෙඩි වාදන ශිල්පියා අත්අඩංගුවට ගෙන වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු හෙරොයින් සහ ගංජා පානය කර සිටි බවට වෛද්‍ය වාර්තා මඟින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඒ අනුව, අදාළ සැකකරු අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවද පොලීසිය පවසයි.
මේ අතර, මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
සත්‍යග්‍රහය සහ අට්ටාලය එම ස්ථානයෙන් ඉවත් කරන ලෙසට අධිකරණ නියෝග ලැබුණද, තුන්වැනි දිනටත් ඊයේ (09) අඛණ්ඩව සත්‍යග්‍රහය පවත්වනු ලැබීය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart