
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගුවන් නියමුවෙක් සහ යූ ටියුබ්කරුවෙක්වන 29 හැවිරිදි ට්‍රෙවර් ජේකබ් කැලිෆෝනියාවේ සැන්ටා බාබරා ගුවන් තොටුපළෙන් කැමරා සහිත ගුවන් යානයකින් 2021 නොවැම්බර් මාසයේදී තනිවම පියාසර කර ඇත.
ඔහු පැරෂුටයක් සහ සෙල්ෆි ස්ටික් එකක් ද රැගෙන ගොස් තිබේ.
ගුවන්ගත වී පැය භාගයකට පමණ පසු එම යානය ලොස් පැට්‍රස් ජාතික වනයට කඩා වැටී ඇත.
තමන් ගමන්ගත් ගුවන් යානය කන්දකට කඩා වැටුණු බව ඔහු සඳහන් කර තිබේ.
ගුවන් යානය කඩා වැටෙන ආකාරයේ වීඩියෝවක් ඔහුගේ යූ ටියුබ් පිටුවේ 2021 දෙසැම්බර් මාසයේදී පළකර ඇති බවට කැලිෆෝනියා එක්සත් ජනපද දිස්ත්‍රික් නීතිපති කාර්යාලය සඳහන් කරයි.
මේ වන විට එම වීඩියෝව YouTubeහි ලක්ෂ 29ක පිරිසක් නරඹා ඇත.
මේ අතර, ඔහු යානයේ ගමන් කරමින් සිටියදී හිතාමතාම යානය කඩාවැටීමට ලක්කර ඇතැයි වසර 2කට පසු අනාවරණ වී තිබේ.
ඔහුගේ ගුවන් නියමු බලපත්‍රය පසුගිය වසරේ අවලංගු කර ඇති අතර, ඔහු සති කිහිපයකින් උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඔහු වරදකරුවෙක් ලෙස තහවුරු වුවහොත් වසර 20ක සිරදඬුවමක් හිමිවිය හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart