
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන සැප්තැම්බර් 24 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනීසිටින ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට දැනුම්දී තිබේ.
අද (16) දින ඇය ශ්‍රී ලංකාවෙන් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109(6) වගන්තිය යටතේ නිකුත් කරන ලද අදාළ ලිඛිත නියෝගය ඇය වෙත භාරදී ඇත.
එම වගන්තියට අනුව යම් අපරාධ විමර්ශනයකට අදාළ තොරතුරු දන්නා ඕනෑම පුද්ගලයෙකුට විමර්ශකයන් හමුවේ පෙනීසිටින ලෙස ලිඛිතව නියෝග කිරීමේ බලතල පොලිසියට හිමිවේ.
මෙම විමර්ශනය ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගත වී ඇත්තේ සිරිලිය සවිය සංවිධානය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත ජාතික ඉතිරි කිරීමේ බැංකුව (NSB) විසින් ලබාදී ඇති රුපියල් මිලියන 10ක මුදලක් සම්බන්ධයෙනි.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සඳහා CT Scanner යන්ත්‍රයක් මිලදී ගැනීමට යැයි පවසමින් මෙම මුදල ලබාගෙන තිබුණද, පසුව අනාවරණය වී ඇත්තේ අදාළ CT Scanner යන්ත්‍රය චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස රෝහලට ලැබී තිබූ බවයි.
ඒ අනුව, රාජ්‍ය බැංකුවකින් ලබාගත් අදාළ රුපියල් මිලියන 10 මුදල සිරිලිය සවිය ගිණුම් වෙත බැර වූ ආකාරය සහ පසුව එම මුදල කුමන කටයුත්තක් සඳහා යෙදවූයේද යන්න පිළිබඳව FCIDය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම සිදුවීමට අදාළව NSB බැංකුවේ එවකට සිටි උසස් නිලධාරීන් සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගෙන්ද දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
මීට පෙර පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ශිරන්ති රාජපක්ෂගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතව තිබුණද, ඇය අසනීප තත්ත්වයෙන් පසුවන බව දැනුම්දීම නිසා එය සිදු නොවීය.
එසේම, මෙම ගිණුම් විමර්ශනවලට අදාළව 2026 පෙබරවාරි 3 වැනිදාද ඇය මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනීසිටිමින් පැය හතරකට අධික කාලයක් තිස්සේ ප්‍රකාශයක් ලබාදී තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart