September 16, 2026

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය(FCID) වෙත කැඳවීමක් තිබියදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ රටින් පිටව ගිය බවට පළවන ජනමාධ්‍ය වාර්තා අසත්‍ය බව, ඒ පිළිබඳව ප්‍රතිචාර දක්වන රාජපක්ෂ පවුලේ සාමාජිකයකු උපුටා දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වාර්තා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ශවයක් විසින් ප්‍රසිද්ධියට පත්කර ඇති ප්‍රවෘත්තියකට අනුව, රාජපක්ෂ පවුලේ සාමාජිකයා පවසා ඇත්තේ, ශිරන්ති රාජපක්ෂ පෞද්ගලික රෝහලක සිට සෘජුවම ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

එමෙන්ම, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස මීට පෙර කිසිදු කැඳවීමක් සිදුකර නොතිබූ බවද එම සාමාජිකයා පවසා ඇත.

ගුවන් යානය අද (16) අලුයම 12.50ට පිටත්වීමට නියමිතව තිබියදී, ගුවන් තොටුපළේ ගේට්ටුව ආසන්නයේදී ගුවන් තොටුපළ නිලධාරියෙකු විසින් එක්වරම කැඳවීමේ අදාළ ලිපිය ඇය වෙත භාරදී තිබෙන බවත් එම සාමාජිකයා සඳහන් කර තිබේ.