September 16, 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් සිංගප්පූරුව බලා පිටව ගොස් තිබේ.

ඇය සමඟ පවුලේ ඥාති කාන්තාවක ද මෙම ගමනට එක්ව ඇතැයි වාර්තා වේ.

සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 දරන ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා අද අලුයම 1.10ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත.

අසනීප තත්වයක් හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ ඊයේ පෞද්ගලික රෝහලකට ද ඇතුළත් කර තිබිණි.