
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු සංචාරයක් සඳහා මේදිනවල ඕස්ට්‍රේලියාවට පැමිණ සිටියි.
ඒ අනුව, ඔහු අද ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් සිදුකර තිබේ.
එහිදී චාල්ස් රජුට විරෝධය පා විරෝධතාවේ නිරත වූ ආදිවාසී සෙනෙට් සභික ලිඩියා තෝර්ප් විසින් “ඔබ මගේ රජු නොවේ” යැයි කෑගසමින් සහ “අපේ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදුකළා” යැයි චෝදනා කර ඇත.
ඒ හේතුවෙන් චාල්ස් රජුගේ ප්‍රකාශයට ද බාධා එල්ල වී ඇතැයි පැවැසේ.
රජු සහ කැමිලා රැජින ඕස්ට්‍රේලියාවේ දින පහක සංචාරයක යෙදීසිටින අතර චාල්ස් රජු සඳුදා පාර්ලිමේන්තු මන්දිරයේ මහා ශාලාව අමතා තිබේ.
ඔහු සිය කතාව අවසන් කරන විට සෙනෙට් සභික ලිඩියා තෝර්ප් වේදිකාව අසලට පැමිණ තත්පර 30ක් පමණ කාලයක් කෑගසමින් “මේක ඔබේ රට නොවේ” කියා පවසා තිබේ.
“ඔබ අපේ ජනතාවට එරෙහිව ජන සංහාරයක් කළා. අපේ ඉඩම අපිට ආපහු දෙන්න. ඔබ අපෙන් සොරකම් කළ දේ අපට දෙන්න – අපේ ඇටකටු, අපේ හිස්කබල, අපේ ළදරුවන්, අපේ මිනිසුන්,” ආදිවාසී අයිතීන් සඳහා සෘජුව පෙනීසිටින ත්‍රෝප් මහත්මිය පවසා ඇත.
“ඔබ අපේ රජ නොවේ, ඔබ පරමාධිපත්‍ය නැහැ. ඔබ අපේ දේශය විනාශ කළා,” ඇය ප්‍රකාශ කර තිබේ.
ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ද බ්‍රිතාන්‍ය රාජකීයයන් සමඟ වේදිකාවේ වාඩි වී සිටි අතර, ලිඩියා තෝර්ප් සිය අසුනෙන්, නැඟිට තම විරෝධය එල්ල කිරීමත් සමඟ සෙසු සෙනෙට් සභිකයන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ අවධානය ඇය වෙත යොමු වී තිබේ.
චාල්ස් රජු සහ කැමිලා බිසව එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දක්වා නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart