December 12, 2023

එකතු කළ අගය මත බදු (වැට්) සියයට 18 දක්වා වැඩිකිරීම සැමරීම සඳහා රජය ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ සාදයක් පවත්වා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ජන ජීවිතය වඩාත් විනාශකාරී තත්ත්වයකට පත්කරන වැට් බදු වැඩිකිරීම සැමරීම සඳහා අගමැතිවරයා විසින් පවත්වන ලද සාදයට ජනාධිපතිවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් පැමිණ සිටි බව ඔහු පැවැසීය.

වැට් බදු වැඩි කිරීමේ ඡන්ද විමසීමට සහභාගි නොවන බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ද වැට් බදු වැඩි කිරීම සැමරීමට සාදයට පැමිණි බව විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.

“මොකක්ද මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙබිඩි පිළිවෙත” ඔහු එහිදී ප්‍රශ්න කළේය.