October 23, 2026

වස් කවියක් සම්බන්ධයෙන් නීතිඥ සුදත් වික්‍රමරත්න සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත එකක් බව දෙමටගොඩ පොලීසිය ප්‍රකාශ කරයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කර සිටින්නේ, ඔක්තෝබර් 22 වන දින හෝ ඊට ආසන්න දිනයක දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් වස් කවියක් සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් සටහන් කරගෙන නොමැති බවයි.

එසේම ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර කිසිදු පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමක්ද සිදුකර නොමැති බව උන්වහන්සේගේ ප්‍රකාශයේ දැක්වේ.

දෙමටගොඩ පොලිස් ස්ථානයේ ලේඛන පරික්ෂා කිරීමේදී මෙන්ම ස්ථානයේ නිලධාරීන් සහ නිලධාරිනියන්ගෙන් සිදුකළ විමසීම්වලදීද එවැනි පැමිණිල්ලක් හෝ ප්‍රකාශ ලබාගැනීමක් සිදු නොවූ බව තහවුරු වී ඇත.

එබැවින්, දෙමටගොඩ පොලිස් ස්ථානය මඟින් වස් කවියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවට නීතිඥ සුදත් වික්‍රමරත්න ජනමාධ්‍ය වෙත දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයක් බව දෙමටගොඩ පොලීසිය වැඩිදුරටත් අවධාරණය කරයි.