
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පැසිෆික් සාගර කලාපයේ වර්ධනය වන ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වයේ බලපෑම ද හේතුවෙන්, ලොව සාගර ජලයේ උෂ්ණත්වය ජූලි මාසයේදී වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව යුරෝපා සංගමයේ කාලගුණ නිරීක්ෂණ සේවය පවසයි.
ඒ අනුව, ධ්‍රැවීය ප්‍රදේශ හැර ලෝකයේ සෙසු සාගර කලාපවල සාගර මතුපිට මධ්‍යන්‍ය උෂ්ණත්වය පසුගිය මාසයේදී සෙල්සියස් අංශක 20.96 ක් ලෙස සටහන් විය. මෙය 2023 වසරේදී තබන ලද සෙල්සියස් අංශක 20.89 ක පූර්ව වාර්තාව අභිබවා යාමකි.
කොපර්නිකස් කාලගුණ විපර්යාස සේවාව සදහන් කරන්නේ, කාර්මික යුගයට පෙර පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 1.47 කින් ඉහළ ගිය පසුගිය මාසය, ලෝක ඉතිහාසයේ දෙවනුවට වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ ජූලි මාසය ලෙස ද ඉතිහාසයට එක්වන බවයි.
මේ අතර, බටහිර යුරෝපය පුරා ද ඉතිහාසයේ දැඩිම උණුසුමක් සහිත ජූනි සහ ජූලි මාස වාර්තා වී ඇති අතර, පැවැති අධික වියළි හා රස්නය සහිත කාලගුණය හේතුවෙන් එම කලාපය පුරා දරුණු ලැව්ගිනි හටගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart