
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයාට උපරිම සහනයක් ලබාදෙමින්, රටේ තොග සැපයුම්කරු ලෙස ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (ජාතික සතොස) යළි ක්‍රියාත්මක කරමින් එහි ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කරන ලදී.
දේශීය අල, ළූණු , ධාන්‍ය හා අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය තොග සාධාරණ මිලට ජනතාව වෙත සමීප කරමින්, ගොවි ජනතාවට නිසි මිලක් ලබාදෙන රජයේ යාන්ත්‍රණය ලෙස ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රියාත්මක වේ.
මෙරට පිහිටවූ පළමු රාජ්‍ය සංස්ථාව වන සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වන විට ඈවර කර සියලු සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වා වසා දැමූ ආයතනයක් බවට පත්ව තිබිණි.
වෙළෙඳපොල මිල නියාමන බලය මෙන්ම, ගොවියාගේ මහන්සියට අතරමැදි සූරාකෑම්වලින් තොරව නිසි මිලක් ලබාදෙන්නට රාජ්‍ය යාන්ත්‍රණයේ හස්තය බවට අතීතයේ රටේ තොග සපයන්නාගේ කාර්යභාරය ඉටු කළ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව පත්කර ගතහැකි බව වටහා ගත් වත්මන් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දැක්ම යථාර්ථයක් කරමින්
එවකට පාලකයන් විසින් ඈවර කර වසා දමා තිබූ සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, යළි ස්ථාපිත කරන ලදී.
ඒ අනුව වත්මන් සභාපති කෝසල විල්බාව සහ ප්‍රධාන විධායක නිලධාරී ලෙස අසංක ප්‍රනාන්දු ඇතුළු කාර්යය මණ්ඩලයේ දෙනෛකුගෙන් පමණක් යළි ඇරඹි සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව අද වන විට සේවකයන් 50කගෙන් සමන්විත වේ.
වෙළෙඳපොළ තුළ තරගකාරී සැපයුම් හා බෙදා හැරීම් ජාලයට රජයේ මැදිහත්කරු ලෙස සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව ක්‍රමානුකූලව යළි ස්ථාපිත වෙමින් වී අළෙවි මණ්ඩලය සමඟ එක්ව වී මිලදීගෙන සහල් බවට පත්කර සතොස සහල් නමින් වෙළෙඳපොළට නිකුත් කිරීම මෙන්ම දේශීය ළූණු, අල මිලදී ගැනීම පසුගිය 2025 වසරේ සිට ආරම්භ කරන ලදී.
එම වැඩපිළිවෙල තවත් විධිමත්ව ඉදිරියට ගෙන යමින් අද (11) අංක.31, රාහුල මාවත, මාතර ලිපිනයේදී ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) පළමු තොග අළෙවි මධ්‍යස්ථානය විවෘත කෙරිණි.
එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති එක්වූහ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඒ විමලේන්තිරරාජා එහිදී මෙසේ අදහස් පළකරමින් කියාසිටියේ වසාතැබීමට තීරණය කර තිබූ ආයතනයක් මෙම ආණ්ඩුව පත් වූ පසු කැබිනට් තීරණයක් අනුව වත්මන් වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ නායකත්වය යටතේ යළි ස්ථාපිත කළ බවයි.
” ආරම්භයේදී CWE කියන්නේ සේවකයන් දෙදෙනෙකු බවයි. සභාපතිවරයාට පැවරී තිබූ පළමු රාජකාරිය වූයේ ආයතනය සතු වත්කම් සොයා බැලීමයි. හිමිකම් සොයාගත නොහැකි වත්කම් පවා එහිදී අනාවරණ වූ අතර ඇතැම් වත්කම් ආරක්ෂිතව තහවුරු කරගෙන තිබේ.ඒ වෙනුවෙන් සභාපතිතුමාට අමාත්‍යංශය විදියට අපි ස්තූති කළ යුතුයි. ඒක අමාරු වැඩක්. රජයේ දේපළ, ජනතාවගේ දේපළ වෙනත් අයගේ අයිතියට යන්නේ ඕවා තමයි. අපි එය අගය කරනවා. ඒ තමයි මෙහි පසුබිම”
අනතුරුව අදහස් දැකවූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති;
“අවුරුදු ගණනාවක් කැලෑවට වැදී තිබූ මේ ස්ථානය මාතරට ඩෙංගු බෝ කරන ස්ථානයක්..මේකට කවුරුත් එන්නෙ නැහැ. මේක මදුරු යායක්. ඩෙංගු මධ්‍යස්ථානයක් තමයි අද මේ තොග වෙළෙඳ මධ්ය්ථානයක් බවට පත්වෙලා තියෙන්නේ. ඒක එතැනට ගේන එක සරල නැහැ. මෙතැනට අතවත් තියන්නෙ නැතිව හිටියා නම් එහෙම කවුරුත් මුකුත් කියන්නේ නැහැ. මේ ස්ථානය මේ කටයුත්තට යොදාගන්න කලින් මේ ස්ථානය අපිට දෙන්න කියලා මම යෝජනාවක් කළා. දැන් මං ඒක ඉල්ලා අස්කරගෙන තියෙන්නේ. මොකද ඉතාමත් වැදගත් කටයුත්තක් මේ. මේකෙන් දකුණු පළාතටම ලොකු ප්‍රයෝජනයක් වෙනවා”
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ අදහස් පළ කරන ලදී.
“2023 මේකෙ තිබ්බා වාහන 100ක් විතර හොදම වාහන 60 තක්සේරු වටිනාකමටත් වඩා අඩුවෙන් ලොට් එක පිටින් විකුණලා තියෙන්නේ. අඩුම තරමේ වාහනවල පොත් අරන් ගිහින් තිබ්බේ නැහැ අපි එනකල්. හරි අපූරු කතා මේක පිටිපස්සෙ තියෙන්නේ. වත්කම් හොයාගෙන යද්දි සමහර තැන්වල ඉන්නවා අයිතිකාරයෝ. හැබැයි ඒ ගොල්ලො නෙවෙයි අයිතිකාරයෝ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව.ජාතික සතොස ලෙස අපි මේක නැවත නාමකරණයට ලක්කරන්නේ අලුත් උපතක් මේ දෙන්නේ. එක තැනක් තිබුණා අපේ සතොස ප්‍රධාන කාර්යාලයට එහා පැත්තේ බිලියන දෙකක් පමණ වටිනා ගොඩනැගිල්ලක් අවුරුදු 13ක් විතර ගිවිසුම් අත්සන් කරලා නැහැ. සමහරවිට අපි මේක හැදුවේ නැත්නම් ඒ ඉඩම අපි කාගෙද කියලා දන්නෙත් නෑ. එම තමයි මේ ආයතන විනාශ මුඛයට යවලා මේ චැප්ටර් එක ක්ලෝස් කරන්න ඒගොල්ලො කටයුතු කළේ. ඒ දෙශපාලනය අවසන්කරලා අපේ මිනිස්සු ගහපු කතිරේ වටිනාකම තමයි අද දවසේ මේ නැවත පණ ලබන්නේ..”



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart