
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට අලි සම්පත සංරක්ෂණය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින්, තම පියා වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසින් 1961 අගෝස්තු මාසයේදී ගන්නා ලද මෙරට සුප්‍රකට දළ ඇතෙකුගේ දුර්ලභ ඡායාරූපයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැවත සිහිපත් කර තිබේ.
කාවන්තිස්ස ඇතාගේ අවාසනාවන්ත වියෝව පිළිබඳව වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ, වනජීවී ඡායාරූප ශිල්පියෙකු මෙන්ම පරිසරවේදියෙකු ද වූ තම පියා, ශ්‍රී ලංකාවේ අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව කුඩා කල සිටම තමන්ට අවබෝධ කර දුන් බවයි.
තම පියා විසින් මුලින්ම ඡායාරූපගත කරන ලද්දේ ‘වලස්කෙම ඇතා’ බවත්, යාල ජාතික වනෝද්‍යානයේ 2 වන කලාපයේ පිහිටි වලස්කෙම ප්‍රදේශයේ ජල හිඟය පවතින වියළි කාලගුණික සමයන්හිදී මෙම දළ ඇතා නිතර සැරිසැරූ බවත් ඔහු අනාවරණය කළේය.
ජලය පානය කිරීම සඳහා මෙම ඇතාට වලස්කෙම ගල මත දණගැසීමට සිදු වූ අතර, ඉන් ගල මත ඇති වූ සලකුණ අදටත් දැකගත හැකි බව සජිත් ප්‍රේමදාස පැවසීය. 1961 අගෝස්තු මාසයේ උදෑසන 6 ට පමණ මෙම ඡායාරූපය ලබාගෙන ඇති අතර, එම දුර්ලභ දර්ශනය කැමරා කාචයට හසුකර ගැනීම සඳහා තම පියා පෙරදින රාත්‍රියේම අදාළ ස්ථානයට ළඟා වී තිබූ බව ද ඔහු පවසයි. ශ්‍රී ලංකාවේ ඡායාරූප ශිල්පීන් අතළොස්සකට පමණක් මෙම ‘වලස්කෙම ඇතා’ ඡායාරූපගත කිරීමට හැකි වූ බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ අලි සම්පත ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව පණිවුඩයක් දෙමින්, මෙම ඓතිහාසික ඡායාරූපය ඉදිරියේදී මහජනතාව, විශේෂයෙන්ම තරුණ පරම්පරාව වෙත සමීප කිරීමට බලාපොරොත්තු වන බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මෑතකදී සිදු වූ කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සඳහන් කරමින්, මෙරට අඩුවෙමින් පවතින අලි ගහනය පිළිබඳව සිය කණගාටුව පළ කළ සජිත් ප්‍රේමදාස, අලි සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා මීට වඩා වැඩි වනජීවී සංරක්ෂණ වැඩපිළිවෙළක ඇති අවශ්‍යතාව ද අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart