
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහා නගර සභා බලප්‍රදේශය තුළ පිහිටි ගොඩනැගිලි සහ ව්‍යුහයන් 75 ක පමණ පවතින ව්‍යුහාත්මක දුර්වලතා පිළිබඳ වාර්තා වීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් වන විවේචනාත්මක ව්‍යුහාත්මක අඛණ්ඩතා විගණනයන් පැවැත්වීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
මේ පිළිබඳව කරුණු දක්වමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යුහාත්මක ඉංජිනේරු පර්යේෂණ සහ ව්‍යාපෘති කළමනාකරණ අංශයේ ධම්මිකා කහහේන්ගොඩ ‘ද ඩේලි මෝනිං’ පුවත්පතට අදහස් දක්වමින් කියා සිටියේ, පරීක්ෂාවට ලක් කළ ගොඩනැගිලි 75 න් කිහිපයකම ඒවා පැරණිවීමත් සමග සිදුවූ යථා තත්ත්වයට පත් කළ නොහැකි පරිහානිය සහ ව්‍යුහාත්මක දෝෂ හඳුනාගත් බවයි. ඒ හේතුවෙන් එම ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කරන ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිල තාක්ෂණික නිර්දේශ නිකුත් කර ඇත.
එසේම, අනාරක්ෂිත ලෙස වෙනස්කම් සිදුකර ඇති හෝ අවසරයකින් තොරව සිරස් අතට තට්ටු උස් කර ඇති ගොඩනැගිලි 21 ක් කෙරෙහි එම සංවිධානයේ විශේෂ අවධානය යොමුවී ඇති බවද ඇය සඳහන් කළාය.
සැමගේ සුරක්ෂිත නිවාස අයිතිය තහවුරු කිරීම සඳහා කොළඹ මහා නගර සභා බලප්‍රදේශය තුළ සහ ඊට පරිබාහිරව පිහිටි ගොඩනැගිලි සහ අනෙකුත් ව්‍යුහයන් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කරන බව ද ඇය සඳහන් කළාය.
“ගොඩනැගිලි ආශ්‍රිතව සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමේ අරමුණින්, කොළඹ මහා නගර සභා සීමාව තුළ සහ ඊට ඔබ්බෙන් පිහිටි ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ඇති නවාසික මහල් නිවාස, ව්‍යුහයන් සහ අනෙකුත් ගොඩනැගිලිවල තත්ත්වය සංවිධානය විසින් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලබනවා. ඒ හරහා එම ගොඩනැගිලිවල ගුණාත්මකභාවය සහ ඒවා පදිංචියට සුදුසුද යන්න තහවුරු කර ගැනෙනවා.”
සුරක්ෂිත ඉදිකිරීම් තහවුරු කිරීම සඳහා කොළඹ නගර සීමාව මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පවතින ගොඩනැගිලිවල ක්ෂය වීමේ තත්ත්වයන් සහ නව ඉදිකිරීම් සඳහා භූමි තේරීමේදී වාර්ෂිකව නිරවුල් කිරීමේ සහතික 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් නිකුත් කරන බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
කොළඹ නගරයේ පවතින ගොඩනැගිලිවල තත්ත්වය සහ ගුණාත්මකභාවය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, ඇතැම් ගොඩනැගිලි වසර 150 ක් හෝ ඊට වඩා පැරණි ඒවා වන බැවින්, ඒවා මිනිස් වාසයට සුදුසුද සහ ඒවායේ ගුණාත්මකභාවය කෙබඳුද යන්න ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් තනි තනිව නිරීක්ෂණය කළ යුතු බවයි. ගොඩනැගිල්ලක් හෝ ව්‍යුහයක් සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමෙන් පසුව, ඒවා ප්‍රතිසංස්කරණය කිරීමට හෝ කඩා ඉවත් කිරීමට අවසර ලබාදෙන බව ද ඇය පෙන්වා දුන්නාය.
මෙම වැඩසටහන් හරහා ගොඩනැගිලිවල ව්‍යුහාත්මක ආරක්ෂාව පිළිබඳව පදිංචිකරුවන් තුළ පවතින බිය සහ සැකය දුරු කරන අතරම, එහි පදිංචිකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අරමුණ බව ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart