May 29, 2026

ක්‍රීඩා භාණ්ඩ විකුණුම් සමාගමක් ලෙස සයිබර් අවකාශය තුළ පෙනී සිටිමින් ක්‍රීඩා භාණ්ඩයක් ඇණවුම් කිරීම සඳහා යොමුවූ පුද්ගලයකුගේ බැංකු ගිණුමෙන් රුපියල් 408,000ක මුදලක් වංචා කළ සැකකරුවකු, වයඹ පළාත් පරිගණක අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචාකිරීම සඳහා බැංකු ට්‍රෝජන යෙදුමක් වංචාවට හසුවූ පුද්ගලයාගේ දුරකථනය වෙත යොමු කර රැවටීම මගින් දුරකථනයට දුරස්ථ ප්‍රවේශය ලබා ගෙන ඇති බව විමර්ශක නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පල්ලේගම, මක්කානිගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වූ තරුණයෙකි.

පරිගණක අපරාධ අංශය වයඹ පළාත් ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.