
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් ලබන සතියේ චීනයේ ෂෙන්සෙන් නුවර පැවැත්වෙන ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව පැවැත්වීමට නියමිතය.
ධවල මන්දිර ප්‍රකාශිකා ඔලිවියා වේල්ස් මෙම ඉදිරි සාකච්ඡා පිළිබඳව නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ, ලොව ප්‍රධානතම න්‍යෂ්ටික බලවතුන් වන මෙම නායකයන් තිදෙනාගේ ප්‍රධාන අවධානය න්‍යෂ්ටික අවි අවම කිරීම කෙරෙහි යොමුවනු ඇති බවයි.
සාකච්ඡාවලදී ඉරානය සම්බන්ධයෙන් ද අවධානය යොමු විය හැකි නමුත්, යුක්රේනය පිළිබඳව මෙහිදී සාකච්ඡා නොකෙරෙන බවත්, මෙම හමුවෙන් පසුව කිසිදු නිල ගිවිසුමකට එළඹීමක් අපේක්ෂා නොකරන බවත් වාර්තා පවසයි.
ජනාධිපති ට්‍රම්ප්ගේ ඉන්දු-පැසිෆික් සංචාරය අඟහරුවාදා පිලිපීනයේ පැවැත්වෙන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සමුළුවට සහභාගී වීමෙන් ආරම්භ වේ.
අනතුරුව ඔහු දෙදින APEC සමුළුවට සහභාගී වීම සඳහා බදාදා (11) රාත්‍රියේ ෂෙන්සෙන් නුවරට පැමිණීමට නියමිත අතර, බ්‍රහස්පතින්දා (12) ජනාධිපති ෂී ජින්පින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
2025 වසරේදී ට්‍රම්ප් නැවත ධුරයට පත්වීමෙන් පසු නායකයන් දෙදෙනා මුණගැසෙන සිව්වැනි අවස්ථාව මෙයයි. ඇමරිකානු, රුසියානු සහ චීන නායකයින් අතර පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සමුළුවත් සමඟ මෙම සංචාරය අවසන් වනු ඇත.
ඇමරිකාව සහ රුසියාව අතර පැවැති ප්‍රධාන න්‍යෂ්ටික අවි පාලන ගිවිසුම පසුගිය පෙබරවාරි මාසයේදී කල් ඉකුත් වීමත් සමඟ ගෝලීය න්‍යෂ්ටික අවි ගබඩා සම්බන්ධයෙන් පැවැති ප්‍රධාන සීමාවන් ඉවත්වීමේ පසුබිමක් තුළ මෙම හමුව සිදුවේ.
නව රාමුවක් නිර්මාණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින අතර, වේගයෙන් වර්ධනය වන චීනයේ න්‍යෂ්ටික අවි ගබඩාව ද ඇතුළත් කර ගනිමින් වඩාත් පුළුල් ගිවිසුමකට යාමට ට්‍රම්ප් සිය අපේක්ෂාව පළකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart