November 14, 2026

වැල්ලවාය – ඇල්ල මාර්ගයේ ‘දෙකහමාර’ ප්‍රදේශය ආසන්නයේ පදිංචිව සිටි 12 හැවිරිදි (වයස අවුරුදු 12යි මාස 11ක් වන) දැරියක පැහැරගෙන ගොස් දූෂණය කළ බවට චෝදනා ලැබූ තරුණයකු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තම දියණිය අතුරුදන් වී ඇති බවට දැරියගේ මව විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී, බුත්තල ගෝනගංආර ප්‍රදේශයේ පිහිටි පෙම්වතාගේ නිවසේ රැඳී සිටියදී දැරිය සහ ඇයගේ පෙම්වතා සොයාගෙන අත්අඩංගුවට ගෙන ඇත.

දැරිය ලබා දී ඇති ප්‍රකාශයට අනුව, තමන් අසනීප වී සිටින බව පවසමින් ඇය තම පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර, ඖෂධ ලබාගැනීම සඳහා ’06 කණුව’ ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසලට පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබේ.

ඒ අනුව යතුරුපැදියකින් පැමිණි පෙම්වතා ඇයව රැගෙන තම නිවසට ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල සහ ගෝනගංආර පොලිස් ස්ථාන එක්ව වැඩිදුර විමර්ශන සිදුකරයි.