
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිකවැරටිය ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් නීතිවිරෝධී ලෙස කැණීම් සිදුකළ බව කියන පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිකවැරටිය පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (13) පස්වරුවේ දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටළීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරුවන් කිසිදු නීත්‍යානුකූල අවසරයකින් තොරව නිවස ඇතුළත කැණීම් සිදුකරමින් සිටි බව පොලිස් නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.
වැටළීම සිදුකළ ස්ථානයේ තිබී කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 42ත් අතර පසුවන දිවුල්ලෑගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart