
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලොව සුප්‍රසිද්ධ Four Seasons Private Jet Experience සංචාරක වැඩසටහනට 2028 වසරේදී පළමු වරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ.
ඒ අනුව, එක් අයකුට ඇමරිකානු ඩොලර් 238,000 ක් වැයවන දින 23 ක සුඛෝපභෝගී සංචාරයක කොටසක් ලෙස ඉහළ පෙළේ සංචාරකයන් 48 දෙනකු මෙරටට පැමිණීමට නියමිතය.
රටවල් අටක් ආවරණය කෙරෙන මෙම සුවිශේෂී සංචාරය සඳහා විශේෂයෙන් සකස් කරන ලද ‘එයාර්බස් A321’ පෞද්ගලික ජෙට් යානයක් යොදාගැනෙන අතර, සංචාරකයන් එම ගමන් මාර්ගය පුරා පිහිටි අති සුඛෝපභෝගී හෝටල්වල නවාතැන් ගනු ඇත.
මෙම අන්තර්ජාතික සුඛෝපභෝගී සංචාරක අත්දැකීම සඳහා අමුත්තන් 48 දෙනකු සහභාගී වන බවත්, එක් අයකු ඒ සඳහා ඩොලර් 238,000 බැගින් ගෙවන බවත් වාර්තා වේ.
Coastlines & Culture ලෙස නම් කර ඇති 2028 සංචාරය මැයි 4 සිට 26 දක්වා පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාව එහි ගමනාන්ත අටෙන් එකකි.
සංචාරකයන් 2028 මැයි 12 සිට 15 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත අතර, එමගින් ඔවුන්ට මෙරට දකුණු වෙරළ තීරය, දේශීය සංස්කෘතිය සහ ආගන්තුක සත්කාරය අත්විඳීමට අවස්ථාව හිමිවේ.
මෙම සංචාරක ගමන් මාර්ගයට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම තුළින්, ඉහළ වියදම් කිරීමේ හැකියාවක් ඇති අන්ත්ර්ජාතික සංචාරකයින් ආකර්ෂණය කර ගන්නා ගමනාන්තයක් ලෙස මෙරට කීර්තිනාමය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart