
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දියවැඩියාව පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සහ එය කල්තියා හඳුනාගැනීමේ හා වළක්වාගැනීමේ වැදගත්කම පෙන්වාදීම අරමුණු කරගනිමින් ගෝලීය වශයෙන් සමරනු ලබන ලෝක දියවැඩියා දිනය අදට (14) යෙදී තිබේ.
දියවැඩියාවට එරෙහිව කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මෙවර තේමාව මගින් අවධාරණය කෙරේ.
මෙම දිනය නිමිත්තෙන් අද දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති සහ කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක ප්‍රකාශ කර ඇත්තේ, දියවැඩියාව රට තුළ සීඝ්රයෙන් වර්ධනය වන බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන්ගෙන් සියයට 15 කට පමණ දියවැඩියාව වැළඳී ඇති බවත්, එම රෝගීන්ගෙන් සියයට 40 ක් පමණ තමන්ට එම රෝගී තත්ත්වය පවතින බව නොදැන සිටිය හැකි බවත් ඔහු පෙන්වාදී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ මෙම තත්ත්වය තවත් බරපතල වන අතර, එහි සෑම පුද්ගලයන් හතරදෙනකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වේ.
ළමාවියේ අධික තරබාරුකම හේතුවෙන් කුඩා කලදීම දෙවැනි වර්ගයේ (Type 2) දියවැඩියාව වැළඳීමේ අවදානම ඉහළ යා හැකි බවට ද වෛද්‍ය සුමනතිලක අනතුරු අඟවයි.
දියවැඩියාව වැළඳීම වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු අනුගමනය කිරීමේ සහ ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීමේ වැදගත්කම ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart