
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගුවන් ගමන් පාලන සන්නිවේදන පද්ධතියේ ඇති වූ දැවැන්ත බිඳවැටීමක් හේතුවෙන්, ඊයේ(13) දිනයේදී අමෙරිකා එක්සත් ජනපදය පුරා ගුවන් ගමන් කටයුතු දැඩි ව්‍යාකූලත්වයකට පත් විය. මේ හේතුවෙන් රට පුරා පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් පැය හතරකට ආසන්න කාලයක් නතර කිරීමට බලධාරීන්ට සිදු වූ අතර, මගීන් දහස් ගණනක් අතරමං වී ගුවන් ගමන් රැසක් ප්‍රමාද වීමට සහ අවලංගු වීමට එය හේතු විය.
තාක්ෂණික ශිල්පීන් විසින් අදාළ පද්ධති පරීක්ෂා කර ගුවන් ගමන් ආරක්ෂිතව යළි ආරම්භ කළ හැකි බවට තහවුරු කිරීමෙන් පසුව, ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් රට පුරා පනවා තිබූ මෙම ගුවන් ගමන් තහනම ඉවත් කරනු ලැබීය.
මෙම දුර්ලභ අත්හිටුවීම රට පුරා ගුවන් තොටුපළවලට බලපෑ අතර, බලධාරීන් සන්නිවේදන කටයුතු යථා තත්ත්වයට පත්කරන තෙක් ගුවන් සමාගම්වල මෙහෙයුම් අඩාල වී මගීන්ට පැය ගණනක් රැඳී සිටීමට සිදුවිය.
අන්තර්ජාතික ජනමාධ්‍ය වාර්තා කළ ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව, මෙම බිඳවැටීම අතරතුර ගුවන් ගමන් 10,000කට අධික සංඛ්‍යාවක් ප්‍රමාද වී ඇති අතර ගුවන් ගමන් 1,400කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබේ. තවත් ගුවන් ගමන් සිය ගණනක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත හරවා යැවීමට ද සිදුව ඇත.
අමෙරිකාව පුරා ගුවන් ගමන් කළමනාකරණය කරන ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවලට බලපෑ විදුලි සංදේශ බිඳවැටීමකින් පසුව, පූර්වාරක්ෂක පියවරක් ලෙස මෙම රටපුරා අත්හිටුවීම පැනවූ බව ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය ප්‍රකාශ කළේය.
අධික ලෙස කාර්යබහුල වූ යල් පැනගිය සන්නිවේදන උපකරණ ඇතුළු පැරණි ගුවන් සේවා යටිතල පහසුකම් මෙම බිඳවැටීමට හේතු වී ඇති බව පෙනීයන්නේ යැයි අමෙරිකානු ප්‍රවාහන ලේකම් ෂෝන් ඩෆී පවසා ඇත.
මෙම බාධාව සයිබර් ප්‍රහාරයක් හෝ වෙනත් හිතාමතා කළ ක්‍රියාවක් නිසා සිදුවූවක් බවට කිසිදු සලකුණක් නොමැති බව ස්වදේශ ආරක්ෂක ලේකම් මාර්ක්වේන් මුලින් ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම මෑත වසරවලදී අමෙරිකානු ගුවන් ගමන් ක්ෂේත්රයට එල්ල වූ දරුණුතම රටපුරා බලපෑම්වලින් එකකි.
මීට පෙර 2023 ජනවාරි මාසයේදී ද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනයේ නියමු දැනුම්දීමේ පද්ධතියක ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙවැනිම ආකාරයකින් රට පුරා ගුවන් ගමන් නතර කිරීමට සිදු විය.
මේ වන විට ගුවන් ගමන් යළි ආරම්භ කර තිබුණද, ගුවන් යානා සහ කාර්ය මණ්ඩල නියමිත ස්ථාන වෙත යොමු කරමින් සාමාන්‍ය කාලසටහන් යථා තත්ත්වයට පත් කරන තෙක් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් තවදුරටත් සිදුවිය හැකි බවට ගුවන් සමාගම් අනතුරු අඟවා තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයේ පැරණි ගුවන් ගමන් පාලන යටිතල පහසුකම්වල විශ්වසනීයත්වය සහ ප්‍රධාන තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල අවශ්‍යතාව පිළිබඳව ද මෙම සිදුවීමත් සමඟ යළිත් අවධානය යොමු වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart