
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අනාගත පරපුරට මූල්‍ය සාක්ෂරතාව සහ ව්‍යවසායකත්ව කුසලතා ලබාදීමේ අරමුණින්, වයස අවුරුදු 18 ඉක්ම වූ පාසල් සිසුන්ට කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීමේ අවස්ථාව උදාකරමින් 2027 අයවැය මගින් සුවිශේෂී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළේ විධායක උප සභාපති නිරෝෂන් විජේසුන්දර ජනමාධ්‍ය හමුවක් අමතමින් මේ බව අනාවරණය කළේය.
ජනාධිපතිවරයා විසින් සිය අයවැය ප්රකාශනයේදී හඳුන්වාදුන් ‘සැමට කොටසක්, සැමට ඒකකයක්’ සංකල්පය මුල් කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ, 13 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන, වයස අවුරුදු 18 පිරුණු සිසුන් වෙත කොටස් වෙළෙඳපොළ පිළිබඳ ප්‍රායෝගික මූලික දැනුමක් ලබාදීමයි.
මෙම වැඩසටහනේ විශේෂාංග වන්නේ :
– අයදුම්කිරීමේ සුදුසුකම්: 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහ වයස අවුරුදු 18ට වැඩි ඕනෑම පාසල් සිසුවෙකුට මේ සඳහා අයදුම් කළ හැකිය.
– පාඨමාලාව සහ විභාගය: අයදුම් කරන සිසුන් පළමුව කොළඹ කොටස් වෙළෙඳපොළ මගින් පවත්වනු ලබන විශේෂ පාඨමාලාවක් හැදෑරිය යුතු අතර, ඉන් අනතුරුව පැවැත්වෙන විභාගයකින් සමත් විය යුතුය.
– මූල්‍යමය ත්‍යාගය / ආයෝජන අවස්ථාව: අදාළ විභාගයෙන් සමත් වන සෑම සිසුවෙකුටම රුපියල් 10,000ක මුදලක් කොටස් වෙළෙඳපොළ තුළ ආයෝජනය කිරීම සඳහා හිමිවේ.
– වෙන්කර ඇති ප්‍රතිපාදන: මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමස්තයක් ලෙස රුපියල් මිලියන 500ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන්කර ඇත.
– ග්‍රාමීය ප්‍රදේශ වෙත මූලිකත්වය: නාගරික පාසල්වලට පමණක් සීමා නොවී, ග්‍රාමීය හා අඩු පහසුකම් සහිත පාසල්වල දරුවන් වෙතද මෙම අවස්ථාව පුළුල් ලෙස ලබාදීමට කටයුතු යොදා තිබේ.
මෙමඟින් තරුණ ව්‍යවසායකයින් බිහිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය පදනම සැකසෙනු ඇති බවත්, අනාගතයේදී ඔවුන් ව්‍යාපාරික ක්ෂේත්රයට පිවිසෙන විට කොටස් වෙළෙඳපොළ හරහා පහසුවෙන් ප්රාග්ධනය රැස්කර ගැනීමට අවශ්‍ය අවබෝධය මේ හරහා ලැබෙනු ඇති බවත් උප සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart